web analytics
You are here
comman NEWS 

5th Sri Lanka Youth Cinematic Harvest ශ‍්‍රී ලාංකේය තාරුණ්‍යයේ සිනමා අස්වැන්න කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට ජයග‍්‍රහණ ත‍්‍රිත්වයක්

ජාතික තරුණසේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය මගින් සංවිධානය කරන ලද කෙටි චිත‍්‍රපට හා වාර්තා චිත‍්‍රපට තරඟය 2016 දෙසැම්බර් මස 18 වනදා කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදි, ජාතික තරුණසේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ප‍්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප‍්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

වාර්තා චිත‍්‍රපට අංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය අමිල නුවන් මධුසංඛගේ ‘නවන්දනා උරුමය’ වාර්තා චිත‍්‍රපටය සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී (විශේෂ) සිව්වන වසරේ ඉගෙනුම ලබන අයේෂා දමයන්තිගේ ‘නික්මයාමක සපැමිණීම’ යන වාර්තා චිත‍්‍රපටයට ද, වාර්තා චිත‍්‍රපට අංශයේ අවසන් වටයේ විශේෂ ජූරි සම්මාන සහ මුදල් ත්‍යාග සහිතව ජයග‍්‍රහණ හිමිකරගැනීමට සමත්විය.

මෙහි කෙටි චිත‍්‍රපට අංශයේ ප‍්‍රථම ස්ථානය කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය අරවින්ද වන්නිනායකගේ ‘ගමනක්’ යන කෙටි චිත‍්‍රපටයටද, දෙවෙනි ස්ථානය ලංකා බණ්ඩාරණායකගේ “Tradition”යන කෙටි චිත‍්‍රපටයටද, තෙවනි ස්ථානය කිත්මිණී ශානිකාගේ “Intimacy” කෙටි චිත‍්‍රපටයට හිමිවූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී (විශේෂ) සිව්වන වසර ශිෂ්‍යාවක වන සරසි නෙත්මිණී ගේ ‘සංක‍්‍රාන්ති’ කෙටි චිත‍්‍රපටය සඳහා ද විශේෂ මුදල් ත්‍යාගයක් සහිතව කුසලතා සහතිකයක් හිමිවිය.

 

 

Related posts

Leave a Comment