web analytics
comman ගවේෂණ 

දුරුතු මහේ වගතුග

ජනවාරි අවුරුදු උළෙලක් කරගත් පළමු ජාතිය රෝමවරුන්ය. ජනවාරි උළෙල අපේ ජන ජීවිතයට වැදගත් වන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටත් කර ගත්තාට පසුවය. ලංදේසි හා ඉංග්‍රීසි පාලන කාල වලදී එය සිංහල ජන ජීවිතයට වඩාත් නැඹුරු විය. දින දර්ශනයේ පළමු පෝය වන්නේ ජනවාරි මස යෙදෙන දුරුතු පෝයයි. බෞද්ධයන්ට දුරුතු පෝය ඉතා වැදගත් දිනයකි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ දුරුතු පෝයක වීම ඊට හේතුවයි. බුදුන් වහන්සේ ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිණිපේ නම් සරුසාර ගම් පියසේ මහා නාග වන නම් වූ උයනට වැඩ සවණක් බුදුරැස් විහිදුවමින් වැඩ සිටි බව සදහන් වේ. උන්වහන්සේගෙන් දහම් අසා යක්ෂයන් දමනය විය.

සමනල ගිරි මුදුනේ වෙසෙන සුමන සමන් දෙවියන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද මේ දිනයේදීය. එදින බුදුන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ අයැදුම පරිදි සුරතින් බුදු සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රධානය කළහ. සමන් දෙවිඳුන් එම කේශ ධාතූන් වහන්සේ රන් කරඬුවක ලා බුදුන් වැඩ සිට දම් රස පෙවූ ස්ථානයේ රත්රන් අතුරා ඒ මත ඉඳුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් කරවා පූජා පෙරහර දැක්වූහ. මහියංගන චෛත්‍ය ලෙස ලොව පතළව ඇත්තේ එම චෛත්‍යයයි. බුදුන් වහන්සේලේ පළමු ලංකාගමනය සිහි කරමින් කැලණි විහාරයේ වර්ශයක් පාසා පවත්වනු ලබන දුරුතු මහා පෙරහැර ජනවාරි මාසයේ දක්නට ලැබෙන සිංහල සංස්කෘතික සිහිවටනයකි.

ජනවාරි මාසයේ යෙදෙන තෛපොංගල් දිනය හින්දු භක්තිකයන්ගේ විශේෂ පූජා දිනයකි. එදින හිංදු බැතිමතුන් හිරු දෙවියන්ට විශේෂ පූජාවක් පවත්වනු ලබයි. අලුත් ධාන්‍යයෙන් අලුත් තලියක නොඉඳුල් කිරිබතක් පිස එය හිරු දෙවියන්ට පූජා කරයි. ලිප් බැඳ ගිනි මොළවන්නේ න්වස අභියස මිදුලේය. දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව ඉකිරි කොටස අනුභව කරනු ලබයි. මෙයින් බලාපොරොත්තු වන්නේ මුළු වසර පුරාම ගොවිතැන දියුණුවට අවශ්‍ය කලට වැසි හා රෝල උවදුරු දුරු වීමත්, සරු අස්වැන්නක් ලැබීමත්ය.

මුස්ලිම් බැතිමතුන්ගේ ඉතා වැදගත් ආගමික දිනය වන්නේ මහමුද් නබි නායකතුමාගේ උපන් දිනයයි. එය ජනවාරි මාසයේ 08 වැනිදාට යෙදී ඇත. මෙදින මුස්ලිම් බැතිමතුන් විසින් ඉමහත් භක්තියෙන් යුතුව සිහි කරනු ලබයි.

අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසුවී සිංහල ජාතිය හා භාෂාව භයානක ප්‍රපාතයකට ඇද වැටුණු අවස්ථාවක මෙලොව එළිය දැක තරුණ වියේදීම අධිරාජ්‍ය විරෝධී නිදහස දිනා ගැනීමට සටන් කළ උදාර නායකයෙතු ලෙස කටයුතු කළ එෆ්.ආර්. සේනානායක මහතා සිහි කිරීම ජනවාරි මාසයේ පළමු දිනයට යෙදී ඇත.

දිනූ ආරියරත්න

Related posts

Leave a Comment