web analytics
You are here
comman ගවේෂණ 

තෛයි-පොන්ගල්

තෛයි පොන්ගල් යන්න සෑම වර්ෂයක ම දුරුතු මස 14 හෝ 15 යන දෙදිනවලින් එක් දිනක තවත් අලුත් වර්ෂයක් සදහා සූර්ය භ‍්‍රමණය ආරම්භ වීමේ අවස්ථාව, අස්වැන්න සරු කිරීම උදෙසා සූර්ය දෙවියන්ට හා වර්ෂාවට, ගොවිතැන් කටයුතුවලට උපකාර කරන සතුන්ට ස්තූති කිරීම සදහා  සමරන උත්සවයයි. ‘තෛයි’ යනු දෙමළ භාෂාවෙන් දුරුතු මාසය හ`¥න්වන නමයි. ‘පොන්ගල්’ යන්න උත්සවය යන තේරුම ගෙන දෙයි.‘ග්රෙපගෝරියන්’ කැලැන්ඩරයට අනුව (Gregorian calendar) ජනවාරි මාසයේ 14 සිට 16  දක්වා යන දිනයන්හි ‘මාර්ගලි’ මාසය (දෙසැම්බර්) නිමවී තුන්වනුවට යෙදෙන සුබ දිනයේ සිට දින 4 ක් පුරාවට ඉන්දියානුවන්, මලයාසියානු ඉන්දියානුවන්, ඉන්දියානු ඇමරිකානුවන්, ශ‍්‍රී ලාංකීය දාවිඩයන්, හින්දු මරාසියන්, සිංගප්පූරු ඉන්දියානුවන්, දකුණු අපි‍්‍රකානු ඉන්දියානුවන්, කැනඩාව, ඇමරිකාව, ලන්ඩනය වැනි රටවල වාසය කරන දමිළ ජනතාව ඉතාමත් උත්සවශී‍්‍රයෙන් පවත්වනු ලබයි.

මීට වර්ෂ 2000 ගණනකට පෙර සිට චෝල අධිරාජ්‍ය සමයෙහි ද ‘උලවර් තිරුණාල්’(ගොවියන්ගේ උත්සවය ‘උත්තරායනය’ නැතහොත් ‘සූර්ය සිද්ධාන්ත’(සූර්යා උතුරු දෙසට හැරීමේ උත්සවය (දමිළ ජෝතීෂ්‍ය ශාස්ත‍්‍රයට අනුව ‘මකර සංක‍්‍රාන්තිය’ යන විවිධ නාමයන්ගෙන් සමරා ඇත්තේ ද මෙම තෛයි පොන්ගල් උත්සවය යි. අස්වැන්න සරු කිරීමට පිහිට වන හිරු දෙවියන් උදෙසා පළමුව නෙලා ගන්නා ලද අස්වැන්නෙන් කොටසක් ඉතුරු කර උදෑසන ඉරු උදාවත් සමග අලුතින් මිලට ගත් මැටි බදුනක් අලංකාර ලෙස සරසා එම බ¥න ලිප තබා එයට වතුර අලූත් සහල්, හකුරු, මුං ඇට, කිරි, කජු හා තවත් කුළුබඩු යොදා ‘පොන්ගල්’ නමැති පැණි රස බත, සාදා ගනී. ඒ බතත් සම`ග උක් ගස්, කෙසෙල්, ප‍්‍රමුඛ පලතුරු වර්ග කිහිපයක් හා මුරුක්කු, පායාසම්, වඩෛ වැනි විවිධ රසකැවිලි සාදා උදෑසනින්ම හිරු දෙවියන් උදෙසා පූජා පවත්වනු ලබයි.

තෛයි පොන්ගල් දිනය යෙදෙන දිනට පෙර දිනයේ සිට තම නිවස අලුත් වැඩියා කිරීම, පවිත්‍ර කිරීම ආදී කටයුතු සිදු කරන අතර තෛයි පොන්ගල් දිනයේ දී නිවස අලංකාර කිරීම සදහා උණ ගස් දෙකක් නිවසේ දොර දෙපසේ ගැට ගසයි. අඹ කොළ 5,7,9 ලෙස ඔත්තේ සංඛ්‍යාවක් සිටිනසේ උ ළුඅස්සේ ගැට ගසයි. මේ සදහා ගොක් කොළ වලින් සාදාගන්නා ලද සැරසිල්ලක් ද බහුලව භාවිතා කරයි. ගෙහි මිදුල අලංකාර කිරීම සදහා හාල් පිටි යොදා ගෙන කෝලම් රටා අදින අතර එම කෝලම් රටා තව තවත් අලංකාර කිරීම සදහා පොල් කුඩු වේලා ඒවා පාට කර යොදා ගනී.

පොන්ගල් දිනයට කලින් උදාවන දිනය බෝගී (Bhogi) අවුරුද්ද ලෙස හ¥න්වයි. නිවස ඉදිරිපිට ගිනිමැලයක් දල්වා භාවිතයෙන් ඉවත් කරන ලද පරණ බඩු භාණ්ඩ ආදිය පුළුස්සා දමන අතර මිනිස් සිතේ ඇතිවී තිබෙන නරක සිතුවිලි, ආකල්ප ආදියද එම ගිනි ගොඩට දමා අළු  කර දැමිය යුතු බවත් නව අවුරුද්දේ නව සිතුවිලි ගොඩනගා ගත යුතු බවත් මෙම චාරිත‍්‍රය ම`ගින් සංකේතවත් කෙරේ. මෙම චාරිත‍්‍රය ලාංකීය දමිළ සමාජය තුළ බහුල නොවුවද ඉන්දියානු ජන සමාජය තුල බහුලව දැකිය හැකිය.

තෛයි පොන්ගල් දියනට පසුව උදාවන දිනය ‘මාට්ටු පොන්ගල්’ (Maatu pongal) යනුවෙන් හ¥න්වයි. ‘මාඩූ’ යන්න දමිළ බසින් ගවයා යන්නයි. අස්වැන්න සරු කිරීම සදහා උපකාරවන, පස්ගෝ රස ලබාදෙන ගවයාට ස්තූති කිරීම සදහා පවත්වනු ලබන උත්සවය ‘මාට්ටු පොන්ගල්’ උත්සවය ලෙස හැදින්වේ. මෙදිනම සවස් වරුවේ ‘ජල්ලි කට්ටු’ (Jallikkattu) නම් ක‍්‍රිඩාව පවත්වයි. ‘ජල්ලි කට්ටු’  ක‍්‍රිඩාව යනු සැර පරුෂ හා විශාල අං සහිත ගවයෙක්ව, ගමේ සිටින ශක්තිවන්තම තරුණයින් හෝ තරුණයා විසින් මට්ටු කිරීමේ ක්‍රීඩාවයි. ඇත අතීතයේ දී පිය වරුන් විසින් තම දියණියන් සදහා විවාහයට සුදුස්සන් ලෙස සලකන ලද්දේ ද ‘ජල්ලි කට්ටු’ නම් ක්‍රීඩාවෙන් ජයග‍්‍රහණය කරන්නන් ය.

‘මාට්ටු පොන්ගල්’ දිනයට පසුව උදාවන්නේ ‘කානම් පොන්ගල්’  දිනයයි. මෙම උත්සවය ‘කාක්කා පිඩි’ (Kaka pidi), කන්නු පිඩි (Kanu pidi) යනුවෙන් ද හැදින්වෙයි. කාන්තාවන් හා ගැහැණු දරුවන් විසින් එළවළු වර්ග කිහිපයක් කෙසෙල්, වියලි මිදි හා ඉගුරු  යොදාගෙන සාදාගන්නා ලද සෙල්ලම්  බතක් ඉවීද මෙහිදී සිදුවෙයි. ‘ච්ංචූරු බත් ඉවීම’ යනුවෙන් සිංහල භාෂාවෙන් හ¥න්වන්නේ ද මෙම ක‍්‍රියාවලිය යි. මෙදිනම හවස් වරුවේ, ‘වෙන් පොන්ගල්’ නමැති සුදු පාට පොන්ගල් බත සාදා ගණදෙවියන් පිදීම සිදුකරයි.

පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් තම සහෝදර සහෝදරියන් උදෙසා මෙන් ම තම දෙමව්පියන්ට ද අලූතින් රෙදි පිළි, ආභරණ, ආහාර හා මුදල් ගෙනවිත් දීමක් ද චාරිත‍්‍රයක් ලෙස තෛයි පොන්ගල් උත්සව සමයේ පැවතඑන සිරිතකි. අලුත් ඇදුම් ඇද ගෙන තෛයි පොන්ගල් දියේ ඉරු දෙවියන් වැදීමෙන් පසුව දමිළ ජනතාව කෝවිලට යයි, කෝවිල් ගොස් නිවසට පැමිණිමෙන් පසු අසල්වැසියන් සමග අවුරුදු කෑම හුවමාරු කර ගැනීමෙන් පසුව තමන් ආහාර අනුභව කරන අතර තෛයි පොන්ගල් දිනය අවසානයේ දී මිතුරන් සමග සතුටුවීම, තෑගි බෝග රැගෙන තම ඥාතීන් හමුවීමට යෑම වැනි දේ කරයි.

අයි.කේ. ප‍්‍රභා

Related posts

Leave a Comment