web analytics
comman NEWS 

දීර්ඝ කාලීන සේවා තිළිණ සහ උපකුලපති සම්මාන ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 2016 වසර තුළ සිදුකළ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ‘’ දීර්ඝ කාලීන සේවා තිළිණ සහ උපකුලපති සම්මාන ප්‍රදානෝත්සවය 2016” පසුගිය දා (ජනවාරි 02) විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා විසින් දීර්ඝ කාලීන සේවා තිළිණ, විශිෂ්ටතම ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රවර්ධක සඳහා වූ සම්මාන, එක් එක් පීඨයේ විශිෂ්ටතම තරුණ පර්යේෂක සඳහා වූ සම්මාන, එක් එක් පීඨයේ විශිෂ්ටතම පර්යේෂක සඳහා වූ සම්මාන, ජාතික හා ජාත්‍යන්තර සම්මාන උදෙසා වූ පදක්කම්, වැඩිම පර්යේෂණ සම්මන්ත්‍රණ/ පරිසංවාද ගණනක් පවත්වා ඇති පීඨය වෙනුවෙන් සම්මාන, විශ්වවිද්‍යාලයේ ඒ ඒ පීඨයන්හි වැඩිම බාහිරින් පර්යේෂණාධාර ලබා ගැනීම වෙනුවෙන් සම්මාන , විශ්වවිද්‍යාලයේ විද්‍යා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ අතර ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ Index Journal හි වැඩිම පර්යේෂණ ලිපි පළ කිරීම වෙනුවෙන් සම්මාන, වැඩිම පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණයක් සම්මන්ත්‍රණ / පරිසංවාද සඳහා ඉදිරිපත් කළ පීඨය වෙනුවෙන් සම්මාන, විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආධාරක මුදල් ලබා වැඩිම පරියේෂණ ප්‍රකාශන එළිදක්වන පර්යේෂකයාට හිමි සම්මාන, විශේෂ කුසලතා සඳහා ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය , අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවා ඇගයීම සහ සම්මාන හා පදක්කම් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරී, අංශාධිපතිවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි විය.

 

Related posts

Leave a Comment