web analytics
NEWS 

ප්‍රඥාසාර ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලාපය එළිදැක්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ‘’ප්‍රඥාසාර ශාස්ත්‍රීය සංග්‍රහයේ ‘’ දෙවන කලාපය එළිදැක්වීම පසුගිය දා (දෙසැම්බර් 29) මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.

මෙහි මුඛ්‍ය දේශනය වාග් විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වී.මු විජේරත්න මහතා පැවැත්වූ අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා , ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය ඒ.එම්.එන්. චාමින්ද මහතා, පුස්තකාලයාධිකාරී, අධ්‍යයන කාර්ය මණ්ඩලය, භික්ෂු සංගමයේ සභාපති, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහභාගි විය.

 

Related posts

Leave a Comment