web analytics
NEWS 

‘රිදී සර 2016’

දේශීය සිනමාවේ 60 – 70 දශකයන්හී භාවිත සංගීත ස්වර රටා සහ ගායන ශෛලීන් හඳුනාගැනීම, චිත්‍රපට තේමා ගීතයෙහි අනන්‍යතාව හඳුනාගැනීමට සංගීතයෙහි දායකත්වය හදුනාගැනීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රාසාංගික කලා විෂය හදාරනු ලබන විද්‍යාර්ථීන් ඉදිරිපත් කරන ලද ‘’ රිදී සර ‘’ගී මියැසිය පසුගිය දා (දෙසැ.15) වැනි දින සේනක බණ්ඩාරනායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, කැලිෆෝනියාවේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ පරිසර නිර්මාණ සැලසුම් අධ්‍යයන අංශයේ මහාචාර්ය පීටර් බොසෙල්මාන් මහතා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ඒකක ප්‍රධානී ආචාර්ය ප්‍රශාන්තී නාරංගොඩ මහත්මිය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය,දෙමාපියන්, විද්‍යාර්ථීන් විශාල පිරිසක් සහභාගි විය.

 

Related posts

Leave a Comment