web analytics
You are here
comman කාලීන 

සිතන්නට යමක්

බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකට ම පොදු දෙයක්. විශ්වය බිහි වූ දා පටන් විශ්වයේ ඇති සෑම පදාර්ථයක් ම ගුරුත්වාකර්ෂණය යන ගුප්ත බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා ඒ භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන් සිතුවිලි වලින් ද බැඳීම් ඇති කර ගන්නවා.

ඇතැම් අවස්ථාවන්හී දීමේ බැදීම් නිසාම, තමන්ගෙ ඇහේ තියෙන පොල්  පාරාලේ  දකිනවාට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකින්න මිනිස්සු හරි කැමතියි,මනසින් උසස් කිව්වත් ඒ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි..කොයි කවුරු අතිනුත් පුංචි පුංචි වැරදි වෙනවා, අත් වැරදීම් වෙනවා,එක එක් කෙනාට අනිත් අය අතින්  සිදු වෙන වැරදි අඩුපාඩු  වෙනස් ,ඒ නිසාම ඒ අයට අනන්‍ය ආකාරයකට තේරුම් ගන්නව..ඒ දේවල් මිනිස් ජීවිතවල අසාමාන්‍ය සිදුවීම් නෙවෙයි..ඒත්…, අත්වැරදීමක් නො වෙන,හිතා මතාම කරන දෙයක් ,නිතර නිතරම සිදුවෙනවා නම්?ඒ දේවල් නිසා අපේ හිත් රිදෙනවා නම්??රිදෙන බව දැන දැනත් ඒ අය එකම දේ ආයෙ ආයෙත් කරනවා නම්??..ඒවගේ වෙලාවක ඒ දෙවල් ගැන හිතෙන එක අපිට ආයාසයෙන්වත් කල යුතු, කරන්න අමාරු දෙයක්. ඒ වගේ හිත් රිදීමක් තියෙන කාලයක,ගත යුතු හොදම පියවර??

ඉවසීම..

කියන්න කෙනෙක් නැත්නම් බිත්තියකටවත් කියල හිත නිදහස් කර ගෙන ඉවසීම…..රතුකට්ට පනිනකම්ම ඉවසීම..  එහෙමත් අමාරුවෙන් ඉවසල ඉවසල, අන්තිමේදි අපිට වැරදි කරන අය ,අපේ වැරදි කියාගෙන ඇවිත් අපිටම බැනල යනව නම්???මොන දේටත් කලින් අපේ හිතට එන්නෙ පුදුම කේන්තියක්,ඒ නිසා අපි ඒ වෙලාවට මොනව කරන්නද කියල හිතන්න තියෙන ඉඩ කඩ අඩුවෙලා යනව..90%වෙලාවකදි අපි කේන්තියත් එක්ක බැනුමකින්ම හැමදේම ඉවර කරනව..ඊලග විනාඩියේ හරි ඊලග දවසෙදි හරි අපිට හිතුනත් – අපරාදෙ අපි මෙහෙම ඉක්මන් උනේ,අපිට තව ටිකක් ඉවසන්න තිබුණනේ කියල,එතකොට අපි පරක්කු වැඩියි.. මේ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි.‍එක එක අවස්තා වලදි හිතට එන තරහට ඉක්මන් උනාට,මුනේ හිනාවක් නැතුව-රවාගෙන -ඔරවගෙන -ගොරවගෙන ජීවත්වෙන එක ගොඩක් අමාරු දෙයක්.අපි මිනිස්සු, අපි දැන් තරහ වුනත් කවදා හරි ඉදිරි දවසක අපි මිනිස්සු විදිහට ආයෙත් මුන ගැහේවි. අන්න එදාටත් කට පුරා හිනාවෙලා මනුස්ස කමට කතා කරන්න පුළුවන්නම් ඒක තමයි ලොකුම හපන්කම..

මතක තියා ගන්න,තමන් කරන හොඳ,නරක තමන්ට ම බව..

මනසින් උසස් මිනිසෙක් ලෙස -මිනිසුන් සමග සිනහව බෙදා හදා ගන්න..

දුර්ලභ ගුණ ඇති මිනිසෙකු වෙන්න..

 

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment