web analytics
comman NEWS 

‘සුරූපිය සහ මෘග’නිදහස් වෘත්තාන්ත රංගය

ඉගැන්වීම් සහ ඉගෙනුම් ව්‍යාපෘතියක් වශයෙන් (Teaching and learning Project) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් ඉදිරිපත්කරන ලද සුරූපිය සහ මෘග (Beauty and the beast) වෘතාන්ත රංගය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරි, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න මහතා ඇතුළු අංශාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආරාධිතයන් හා විද්‍යාර්ථීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා (ජනවාරි 04) කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී රංගගත කෙරිණි.

අසුන්දරත්වය සහ සුන්දරත්වය තුළ පවතින සැබෑ වටිනාකම හඳුනා ගැනීමට මෙම නිර්මාණය තුළින් උත්සහගෙන තිබුණි. එහිදී නිර්මාණාත්මක සන්නිවේදන විෂය ක්ෂේත‍්‍රයේ ඉම පුළුල් කිරීමත් පුරාණෝක්ති තුළ පවතින, සුන්දරත්වය ලොව රැකගනී (Beauty save the world) යන සදාතනික සංකල්පය සමාජගත කිරීමත්, යාතු කර්මයේ සිට නූතන රංගය දක්වා ඇති රංග විධි ක‍්‍රම හඳුනා ගැනීමත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා සහ විද්‍යාර්ථියා අතර පවතින සබඳතාව අවබෝධකර ගැනීමත්, සාම්ප‍්‍රදායික සන්නිවේදනය සහ නූතන සන්නිවේදනය අතර පවතින පරතරය පිරවීමත් මෙහි ප‍්‍රධාන අරමුණු විය.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී (විශේෂ) විද්‍යාර්ථීන්ගේ සහ ආචාර්යවරුන්ගේ දායකත්වයෙන් සිදුකරන ලද මෙම රංගයේ රංගකලා අධ්‍යක්ෂණය මහාචාර්ය මාපා තිලකරත්න,මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා සිදුකළ අතර සංගීත අධ්‍යක්ෂණය රුක්ෂාන් සුබසිංහ මහතා විසින් සිදුකරන ලදී.

 

Related posts

Leave a Comment