web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

Anniversary

නිළ නැතිව

ගෙවී ගිය මතකවල

දින ගණන්

කැලැන්ඩර් හීනෙකින් ගණින්නද?.

හිත්වලම හිර කරන්

නෙත්වලම පැටලැවුම්

හැඟුම්වල රිදුමකින්

මනින්නද?

සීමාව රැකගත්ත ආලයක

සැනසිල්ල සිරුවට සීල් කර ලිහන්නද?

කාලයත් මුලාවෙ ද

ආලයත් අයාලෙ ද

ප්‍රේමෙටත් ඇනිවසරි තියෙන්නෙද?????

 

 

මරියා

Related posts

Leave a Comment