web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

හදවතට කියන වග නම්

මහද

කම්පනය වනු

මුදු

සියුම් ස්වර රිද්මයෙන්

ඉපිලී නොයනු

නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන්

 

සියුම් ගැස්මක් වුවද

ගිලිහෙනා ග්‍රහණයක්

විඳි නොවිඳි ස්පර්ශ අග

රිදුම් දෙන කටු තුඩක්

සීතලක්.. දැඩි සීතලක්

ලෙයත් මිදෙනා සීතලක්

 

මහද

චංචල නොවෙනු

ජීවිතය අනියත තැනක්

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment