web analytics
You are here
comman කාලීන 

මනුෂ්‍යත්වය පිරි අනාගතයක් උදෙසා…

මව් කුසක් තුළ පිළිසිඳගත් කළලයක් දස මාසයක් ගෙවා දමමින් මෙම ධරණිතලයට පිවිසෙනුයේ කිසිවක් නොදත් දරුවෙකු ලෙසය. එම බිළිඳා අනාගතයේ දී යහපත් හෝ අයහපත් පුරවැසියෙකු වීමට බලපානුයේ මෙම සමාජ තලයේම ක්‍රියාකාරකම්ය. යහපත් සමාජ තලයක ඉපදෙයි නම් ඒකාන්තයෙන්ම යහපත් පුරවැසියෙකු වනු නොඅනුමානය. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක මනුෂ්‍යත්වය සැඟවී ගොස් ඇත. පරාර්ථය යටපත්ව ස්වාර්ථය ඉස්මතුව ඇත. සමාජයේ අත්තිවාරම මුදල් බවට පත්ව ඇත. ගමෙයි පන්සලෙයි බැඳියාව බිඳී ගොස් ඇත. පොහොය දිනයකදී පන්සලට ගොස් මල් පහන් පුදා බුදුන් වැදීමට මිනිසුන්ට අමතකව ඇත. අද ලෝකය විශ්ව පවුලකි. මෙකී සංකල්පය තුළ මව් පිය දූ දරු සබඳතා වියැකී ගොස් ඇත. එබඳු වාතාවරණයක් තුළ ඉපදෙන දරුවන් යහපත් පුරවැසියන් වන්නේ කෙසේද ?

දෙනෙත් ඇර බැලිය යුතු කාලය එළඹ ඇත. අපට ලෝකයක් හැදිය නොහැකි බව සැබෑවකි. නමුත් අප තුළ ගුණ දහම් ගොඩනගාගත හැකිය. අඳුරේ සිට අඳුරට දොස් නඟනවාට වඩා එක පහනක් හෝ දැල්විය යුතුය.එවිට දැල්වූ පහනින් පහන් සිය දහස් ගණනක් දැල්වීමට හැකිවනු ඇත. අප, අප තුළින්ම ලෝකය ජයගන්න උත්සුක වන්නේ නම් නිසැකවම ජයග්‍රහණයේ උරුමකරුවකු වනු ඇත. තමා තමන් තුළම ගුණදහම් ගොඩනගන්නේ නම් මුළු මහත් සමාජයම මනුෂ්‍යත්වයේ සුවඳින් සුගන්ධවත් වනු ඇත. එවිට කොළොම් තොටින් එදා නැව් නැඟ ගිය අපේ මිනිසත් බව යළි මේ සමාජය තුළ ස්ථාපිත වනු ඇත.

 

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment