web analytics
You are here
comman ගවේෂණ 

සිලප්පදිකාරම්’ සාහිත්‍යයේ කියැවෙන ‘කන්නගී’

‘සිලප්පදිකාරම්’ දෙමළ සාහිත්‍ය කෘතියකි. ”ඉලංගෝ අඩිහළ්” විසින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. සිලප්පදිකාරම් කෘතියෙහි කතා නායිකාව කන්නගිය යි. චෝල රටේ කාවේරි නම් නගරයේ ධනවත් සිටු පවුලක ඇය උපත ලබයි. දෙමාපිය රැකවරණය මැද හැදී වැඩුණු ඇය වයස මුහුකුරා ගිය පසු සිටු පවුලක තරුණයෙකු වූ කෝවලන් නැමැති ධනවත් ව්‍යාපාරිකයාව විවාහ කර ගත්තා ය.
කාලය කෙමෙන් ගතවෙද්දි කෝවලන් මාධවී නැමැති නාට්‍යාංගනාවක් සමඟ අනියම් සබඳකමක පැටලිණි. ඇය දේවදාසී කුලයට අයත් තැනැත්තියකි. මොණරෙකු මෙන් රගන, කොවුලෙකු මෙන් ගයන, ඇයගේ ප්‍රේමණීය වදන් වලට කෝවලන් වශී වී තමන් සතු සියලු ධනය ඇය වෙනුවෙන් වියදම් කළේ ය.

ඔහුට පණ මෙන් ආදරය කළ තම බිරිදත්, නිවසත්,. අමතක කළා.තම සියලු ධනය වියදම් කොට ඔහු දිළින්දෙකු බවට පත් විය. අවසානයේ ඇගේ කෙනෙහිලිකම් දරාගත නොහැකිව නිවසින් පිටවී නගරයක් නගරයක් පාසා ඔහේ ඇවිදිමින් කිසිවෙකුගේ හව්හරණක් නොමැති කම නිසාවෙන් නැවත බිරිඳ වෙත පැමිණීයේ ය. මෙසේ පැමිණි තම සැමියාව ආදරෙන් පිළිගෙන, ආහාර පානාදියෙන් සංග්‍රහ කොට, ඔහු කළ සියලු වැරදි වලට අනුකම්පා සිත් ඇතිව ඔහුට සමාව දීමට තරම් කන්නගී දයාබර විය. කන්නගිගේ ආදරබර මෘදු වදන් දරා ගත නොහැකිව, කෝවලන් හට කළ වැරදි මතකයට නැගෙන මොහොතක් පාසා සිත රිදුම් දුන්නේ ය. ඔහු මතුවට හොඳ ස්වාමිපුරුෂයෙක් වශයෙන් යුතුකම් ඉටු කරන්නට දැඩි සිතින් යුක්තව අදිටන් කර ගත්තේ ය.

නැවත ඔහු වෙළදාම් කටයුතු පටන් ගැනීම සඳහා මධුරාපුරය බලා පිටත් වීමට තීරණය කළේ ය. කණ්ණගි තමා සන්තකව තිබු මැණික් ඇල්ලු පාසලඔක් ගලවා තම ස්වාමියාට දී මෙය විකුණා මුදල් ලබා ගන්නා ලෙස ඇය පැවසුවා ය. පා සළඔ විකිණීමට යන අතරවාරයේදී රාජපුරුෂයන් විසින් මොහුව අල්ලා ගන්නේ මධුරාපුරයේ පාණ්ඩීය රජුගේ අඟමෙහෙසිය වන පාණ්ඩිමා දේවියගේ පාසළඹක් නැතිවී එය සොයා යන අතරවාරයක ය.  දේවියගේ පාසළඹ හොරකම් කළ සොර දෙටුවා කෝවලන් යැයි සිතා කිසිදු වගවිභාගයකින් තොරව පඩි රජු ඔහු මරා දැමීමට රාජපුරුෂයින්ට අණ කළේ ය. වදකයන් විසින් ඔහුව රැගෙන ගොස් කොහොඹ ගසක් මුල සිටුවා මරණයට පත් කරන ලදී.

තම සැමියාගේ ප්‍රමාදය පිළිබඳව සැකසිතූ කණ්ණගි ඔහුව සොයන්නට තම මෙහෙකාරිය සමඟ මධුරාපුරය බලා පිටත්විය. ඇගේ සිතට කෙතෙක් භයංකාර සිතිවිලි පහල වෙයි. අසුභ නිමිති දැකීමෙන් එය තවත් වර්ධනය වෙයි. ගමන අතවරයේදී තරුණ පිරිසක් මගින් තම ස්වාමියාට සිදුවී ඇති අපරාධය පිළිබඳ ඇයට දැන ගන්නට ලැබෙයි.ඒ පුවත ඇසු සැණින් ඇය කෝපාන්විත සිත් ඇතිව කිසිදු වගවිභාගයකින් තොරව තම සැමියාට කළ අපරාධය ඉවසා ගත නොහැකිව රජුට ශාප කළා ය.ඇය රාජ සභාව ඉදිරියට ගොස් කෝපයෙන් කෑගසමින් ඇගේ අනික් පාසළඹ කඩා තම ස්වාමියා නිර්දෝෂී බව කියා සිටියා ය. ඒ මොහොතේ ඇය තම වම් පියයුර කඩා ශාප කරමින් රජුගේ මාළිගය දෙසට විසි කළා ය. එයින් ගත් ගින්නෙන් මුළු නගරයම ගිනිජාලාවක් බවට පත්විය.

ඒවේලෙහි කණ්ණගි කුඩා දරුවන්, ගවයන්, කිරි දෙන මව්වරුන්, ශීලය ආරක්ෂා කරන අය, පතිවත රකින ස්ත්‍රීන් හැර අනෙක් සියල්ලම විනාශ වේවායි ශාප කළාය. ඇයගේ පතිවෘතයේ බලමහිමයෙන් සියල්ල දැවී අළු වී ගියේය. පතිව්‍රතාවේ බලය සමාජය පෙන් වූ එතැන් පටන් කණ්ණගි, ‘පත්තිනි’ දේවිය යනුවෙන් බැතිමතුන්ගේ ගරු බුහුමනට ලක්විය.

හංසි පෙරේරා

 

Related posts

Leave a Comment