web analytics
comman තෙවැනි ඇස 

මිනිසාගේ අපේක්ෂාවේ අවසානය

එක්තරා රාත්‍රියක, කඩකරුවා තම කඩය වැසීමට ඔන්න මෙන්න කියා තිබියදී බල්ලෙක් කඩයට ගොඩ වැදිණි.

උගේ කටෙහි මල්ලක් එල්ලෙමින් තිබිණි. බෑගය තුළ මුදල් සමඟ මිලට ගැනීමට නියමිත බඩු ලැයිස්තුවක්ද තිබිණි. කඩ කරුවා මුදල් රැගෙන නියමිත බඩු බෑගය තුළට දැමීය.

එසැනින් බල්ලා බෑගය රැගෙන කඩයෙන් පිට විය. කඩකරුවා සිදුවීමෙන් විස්මයට පත්ව බල්ලා පසුපස ඇදුනේ උගේ අයිතිකරු පිළිබඳව සොයාබැලීමේ අදිටනින්ය. බල්ලා බසයක් එනතුරු බස් නැවතුමේ නැවතුනේය. ටික වේලාවකට පසු පැමිණි බසයට බල්ලා ගොඩ වුණේය. කොන්දොස්තරවරයා පැමිණිවිට බල්ලා තරමක් ඉදිරියට ගොස් තම බෙල්ලේ බැඳි පටියතුළ තිබූ මුදල් හා බැසිය යුතු ලිපිනය සඳහන් කොල කැබැල්ල දැක්වීය. කොන්දොස්තරවරයා මුදල් රැගෙන නියමිත ටිකට්පත නැවත බල්ලාගේ ගෙල බැඳි පටිය තුල බහාලීය.

තමාට නියමිත නැවතුමට පැමිණි විට බල්ලා බසයේ ඉදිරියට ගොස් උගේ වලිගය වනමින් තමාට බසයෙන් බැසීමට අවශ්‍ය බව දැක්වීය. බසය නැවැත්වූ සැනින් බල්ලා ඉන් බැස ගත්තේය. කඩකරුවාද බල්ලා පසුපස තවදුරටත් ඇදී එමින් සිටියේ මේ සියල්ල නිරීක්ෂණය කරමිනි.

බල්ලා එක්තරා නිවසක දොර අසලට පැමිණ උගේ ඉදිරි ගාත් වලින් දොරට තට්ටු කරන්නට විය. උගේ අයිතිකරු නිවසතුළින් පැමිණ බල්ලාට කෝටුවකින් පහරදුන්නේය.

මෙම දසුනින් කම්පනයට පත්වූ කඩකරුවා වහාම බල්ලාගේ අයිතිකරුගෙන් මෙසේ විමසීය.

‘තමුසේ බල්ලාට ගහන්නේ ඇයි?’

එවිට බල්ලාගේ අයිතිකරු, ‘ඒකා මගේ නින්දට බාධා කළා. ඌට තිබුණා දොරේ යතුරත් අරගෙන යන්න’. යනුවෙන් පිලිතුරු  දුන්නේය.

ජීවිතයේ සත්‍ය මෙයයි. මිනිසුන් අපෙන් බලාපොරොත්තුවන දෑ පිළිබඳව කිසිදු සීමාවක් නැත. අපට වරදින ඕනෑම මොහොතක දී ඔවුන් අපගේ වරද පෙන්වන්නට සැදී පැහැදී සිටිති. අතීතයේදී සිදුකළ සියලුම හොඳ ඇසිල්ලකින් අමතක කරදමනු ඇත. අප අතින් සිදුවන ඕනෑම සරල මෙන්ම ඉතා කුඩා වරදක් වුවත් ඔවුන් විශාලකර දකිති. භෞතික ලෝකයේ යථාර්ථය ද වන්නේ මෙයයි.

 

ඉංග්‍රීසි කථාවක පරිවර්තනයකි

පරිවර්තනය ජීවන්ති කෝසලා

 

Related posts

Leave a Comment