web analytics
comman කාලීන 

නිදහස් සැමරුම්

වසර 70 ක් ලබන්නට ආසන්නයේ පවතින නිදහසේ  සැමරුම් අපි වර්ෂයක් පාසා සිදු කරනු ලබනවා. වසර ගණනාවක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට එදා නිදහස ලබා ගැනීමට හැකි වීම රටක් ලෙස අපි ලැබූ විජයග්‍රහණයකි. වසර ගණනක නිදහස් සටනේ ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි  04 වන දින මෙරට වැසියන්ට නිදහසේ පහස විදින්නට වාසනව හිමි විය. එදා ඔවුන් නිදහස උත්සවශ්‍රීයෙන් සැමරූ  බව නිදහස් සැමරුම් ඉතිහාසයේ යටගියාව සොයන්නෙකුට හමු වේ. නිදහස් හිමි වීම  මෙරට වැසියන්ට සුබ ලකුණක් විය. එදා මුළු ශ්‍රී ලංකාවම උත්සවශ්‍රීයෙන් ඇලලී ගියේ නිදහසේ ප්‍රථම පාර්ලිමේන්තුව ආරම්භයට සමගාමි ව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ප්‍රමුඛ කොට ගෙනය. ජාතික කොඩි ශ්‍රී ලංකාවේ නිදහස් අහස පුර ලෙළ දුන් බව පැවසේ. එමෙන්ම පෙබරවාරි 04 නිවාඩු දිනයක් බවට පත් කොට පාසල් තුල ද උත්සව පවත්වා ඇත. පිට රට විසු සිංහලයින්ද ආගමානුකුලව චාරිත්‍ර ඉටු කරමින් නිදහසේ ප්‍රමෝදය විද ගෙන  ඇත. නිදහසේ ගීත තැටි , සමරු හා වෙළඳ භාණ්ඩ වෙළඳ පොලේ ඉතා අඩු ගණනට අලෙවි වී ඇත. මුළු කොළඹ නගරයම විදුලි ආලෝකයෙන් ඒකාලෝක  වූ බවයි පැවසෙන්නේ.

එදා බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු නිදහස ඉතා සාමකාමි භුක්ති විදිමින් වැටීම් නැවතිම මත මෙතෙක් දුර පැමිණ ඇත. නිදහස සමරන්නට එදා මෙන්ම අදත් උත්සව පවත්වනු ලබයි. මේ  උත්සව වර්තමානයේ පුද්ගලික දේශපාලන වාසි ලබා ගත හැකි තෝතැන්නක් බවට පත් කර ගෙන ඇත. සිදු වී ඇත්තේ ලැබූ නිදහස නිසි ලෙස භාවිත කරන්නට නොහැකි විමයි. ඒ නිදහසට සිදු වී ඇත්තේ පෙබරවාරි 04 වැනිදා පමණක් සිහි කරනු ලබන නිදහසක් බවට පත් වෙ අවසන්. අපි අහන දකින දේවල් තුලින් විටක සිතෙනුයේ එදා අපිට ලිඛිතව බ්‍රිතාන්‍යයන්ගෙන්  නිදහස හිමි වුව ද අපි තාමත් පිටරට ගැති පිරිසක් සේ කටයුතු කරන බවයි. මේ සියලු පැටලිලි සහිතව වුවද එදා මෙන් අදත් ලැබූ නිදහස  දින ගන්නට තම දිවි කුසුම දැයේ පුදසුන මත මිලින කල විරුවන් වෙත ජාතියේ ගෞරවය පුද කරමින් නිදහසේ සැමරුම රට පුරා පවත්වනු නියතයි. නිදහස් උත්සවය සේම නිදහසත් හරියාකාරව යොදවන්නට වසර 70 කට ආසන්නව තිබිය දී හෝ රට පාලනය කරන ඇත්තන්ට නුවන පහලවේයැයි අපි සිතමු. ඔවුන්ට පමණක් නොව රට වැසියත් වූ අපටත් රට වෙනුවෙන් ඉටු කල යුතු යුතුකම් ගැන සිතිය යුතුයි. මේ සියලු දේම එකට එක්වූ දිනයක් අපේ රටත් සැබෑ නිදහස උදා වෙනු නියතයි.

තිලිණි මල්ෂා සිරිවර්ධන

Related posts

Leave a Comment