web analytics
You are here
comman ගවේෂණ 

පිළිකාවට තිත….

ලාංකේය ජනතාව තම නිදහස උත්කර්ෂවත් ලෙස සමරනු ලබන පෙබරවාරි 04 වන දින ලාංකීකයන් විෂයෙහි නොමැකෙන මතක සටහන් එක්කරලන්නට සමත් දිනයකි. නමුත් බොහෝමයක් දෙනාට පෙබරවාරි 04 යනු ජාත්‍යන්තර පිළිකා දිනය ලෙස ද නම් කර ඇති බව අමතක ය. නමුත් පිළිකා යන වසන්ගතය නම් අමතක කරලීමට ඉඩකඩක් නොමැති තරමට සමාජය පුරා බෝවන රෝගී තත්ත්වයක් විලස පැතිර ඇත. පිළිකා යනු සිරුරේ සෛලවල ඇති වන රෝගී තත්ත්වයකි. වරෙක එය බටහිරට පමණක් සීමා වූ රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර් ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හදුනා ගැනීම වැදගත්ය.පිළිකා හටගැනීමේදී සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. පිළිකා ඇතිවීම සදහා බලපාන හේතු ලෙස,

අධික දුම්කොළ භාවිතය

අධික මත්ද්‍රවය භාවිතය

රැකියා ආශ්‍රිත හේතුන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)

පරිසර දූෂණය ආශ්‍රිත හේතුන් (වායු/ජලය/පස)

ආහාර රටාවේ වෙනස්කම් (ක්‍ෂණික හා කෘත්‍රිම ආහාර)

ඖෂධවල බලපෑම

විකිරණ වල බලපෑම

දීර්ග කාලීන ආසාදන

ප්‍රතිශක්ති ඌණතා

ප්‍රවේණිගත තත්වයන්

 

පෙන්වාදිය හැකිය. අද වන විට පරයේෂණ වලට අනුව පිළිකා වර්ග 100 කට වඩා පවතින අතර ඒවා කාසිනෝමාවන්,සකෝමාවන්, ලියුකේමියාව ආදී කාණ්ඩ තුනෙන් එකකට හෝ  අයත් වේ. පිළිකා රෝගය සියලු ම වයස් කාණ්ඩ වලට ඇති විය හැකිය. නූපන් කළලයකට පවා‍ පිළිකාවක් ඇති විය හැකි නමුත් වයස් ගත වීමත් සමගම පිළිකා ඇති වීමේ අවධානම හා බහුලතාවය ඉහළ ය.පිළිකාවක් කලින් හදුනා ගැනීම සදහා,

කිරණ ඡායා රූප ක්‍රම

ස්කෑන් ක්‍රම

ශරීරයේ අභ්‍යන්තර අවයවයන්හි කුඩා කොටස් පිටතට ගෙන පරීක්‍ෂා කිරීම

ද්‍රව තරල පිටතට ගෙන පරීක්‍ෂා කිරීම

වැනි පරීක්‍ෂණ  නූතනයේ භාවිත කරන  අතර පවතින ගැටලුව නම් තවමත් පිළිකා නිෂ්ඨාවටම සුවකළ හැකි ඹෟෂධ සිංහල හෝ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ දක්නට නොලැබීමයි. බොහෝ සෙයින් පවතිනුයේ පිළිකා යම්තාක් දුරට පාලනයකට ලක්කරන ඹෟෂධයන්ය. කාරමීකරණයත් ,ගෝලීයකරණයත් සමඟ දිනෙන් දින ඉදිරියට ඇදෙන මිනිසා සංවර්ධනයේ නිම් වළලු විවෘත කරමින් මුදල් ඉපයීමට විවිධ පර්යේෂණ සිදුකරන අතර සමාජයටම පිළලයක් වූ පිළිකාව නැසීම සඳහා 2017.02.04 දිනට යෙදෙන ජාත්‍යන්තර පිළිකා දියේදිවත් පවතිනවාට වඩා අවධානයකින් කටයුතු කරලීමට මංපෙත් විවර කරගන්නේ නම් නුදුරු දිනයේදීම පිළිකා වසංගතය මෙලොවින් තුරන් කරලීමට හැකිවනු නොනුමානය.එවිට දෙමාපියන්ට දරුවන් ද දරුවන්ට දෙමාපියන් ද  සමාජයට වැදගතුන් ද අහිමිවීමේ එක් බලපෑම් වාහකයකට තිත තැබීමට ද හැකිවනු ඇත.

 

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment