web analytics
You are here
comman තෙවැනි ඇස 

ඇය අසුනේ වාඩී වී..

සද බබළන රිදි රැයක

ඇය හිමි නිදන මොහොතේ

විවර වූ කවුළුව අසල,

අසුන් ගෙන

පෙරී එන ආලෝකයේ

ලියයි ඇය කවක්

එළඹෙන අනාගතය ගැන

 

දැඩි වූ දූ පුතුන්

ඇය දමා යන අයුරු

ඈ තනි වෙන අයුරු

 

සුමුදු සුවදැති මල් පොකුරු

පිපෙනු ඇත.

ළපටි පැළ

ඵල දරනු ඇත.

අහෝ!

කවුරුන් දකී ද?

 

දවස කෙතරම් දිගු ද?

තිර රෙදි පමණක්

සෙලවෙන

ගොළු නිවසක

 

පරිවර්තනය

අමාලි උත්පලා නන්දසිරි

Related posts

Leave a Comment