web analytics
You are here
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ 92 වන උපාධි ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ 92 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා (අප්‍රේල් 04) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් ව්‍යාපාර පරිපාලන උපාධිය, ශාස්ත්‍රපති උපාධිය, දර්ශනපති උපාධිය, විද්‍යාපති උපාධිය, සමාජ විද්‍යාපති උපාධිය ලබාගත් දහසකට ආසන්න උපාධිධාරින් සංඛ්‍යාවක් වෙත මෙදින උපාධි පිරිනැමිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය, පූජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා, පීඨාධිපතිවරු, ලේඛකාධිකාරී, අංශාධිපතිවරු සහ ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ.

දිනුෂිකා ආරියරත්න

 

Related posts

Leave a Comment