web analytics
You are here
comman NEWS 

මනුසත් දෙරණ පැළ දස ලක්ෂයක් සිටුවීමේ තුන්වන අදියර කැලණිය විශ්වවිද්‍යාලයේදී

කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ ආදිවිද්‍යාර්ථීන්ගේ සංවිධානය හා මනුසත් දෙරණ සොබාදම් බලකායේ ප්‍රධානත්වයෙන් තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් පැළ දස ලක්ෂයක් සිටුවීමේ තුන්වන අධියර  2017 මාර්තු මස 27 වන දින උද්‍යාන අංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ  මහතා අලෙවි කළමනාකරණ  අංශ ප්‍රධාන අජිත් මේදිස්  මහතා, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්යය පැට්‍රික් රත්නායක මහතා සහ මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු විද්‍යාර්ථීන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය .එම් සේමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලීය අලෙවි කළමනාකරණ අංශය සෑම විටම නවතාවයෙන් යුතු මානයන් වෙත අවධානය යොමුකරන අධ්‍යයන අංශයක් බවයි. අලෙවි කළමණාකරණ අංශය හා දෙරණ මාධ්‍ය ජාලය එක්ව සිදුකරන මෙම සත්කාරය විශ්වවිද්‍යාලයේත්, අපේ රටේත්, පරිසරයේත් හරිත තත්ත්වය දියුණු කිරීමට මඟ පාදන්නක් බව උපකුලපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසීය.

සිටුවන ලද පැළ ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම පිළිබඳ අදහස් දැක්වූ අලෙවි කළමනාකරණ අංශ ප්‍රධාන අජිත් මේදිස් මහතා ප්‍රකාශ කළේ එක් විද්‍යාර්ථියකුට එක් පැලයක් බැගින් ලබාදී වසර හතරක් පුරා එය නඩත්තු කිරීම පවරන බවය.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment