web analytics
You are here
comman NEWS 

මානව ශාස්ත්‍ර පිඨ නව පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක වැඩ භාර ගනියි.

කැලණිය විශ්වවිද්‍යාල‍යේ මානව ශාස්ත්‍ර පීඨ නව පිඨාධිපතිවරයා ලෙස ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති හා කලා මණ්ඩලයේ සභාපති ‍ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා විසින් පසුගිය දා (අප්‍රේල් 21) වැඩ බාර ගන්නා ලදි.

නව පීඨාධිපතිවරයා 1986 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා පිළිබද විශේෂ උපාධිය ද, 1995 වර්ෂයේ ජපානයේ නිහෝන් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, 1998 වර්ෂයේ   ජපානයේ නිහෝන් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ ආචාර්ය උපාධිය ද, 1992 වර්ෂයේ ජපානයේ ඔසාකා විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙන් ජපන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ගෙන ඇත.

වැඩ භාර ගැනීමේ අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා, හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා, ප්‍රවීණ නිළි සුවිනීතා වීරසිංහ, ලේඛකාධිකාරී, පීඨාධිපතිවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සමාජිකයින් රැසක් සහභාගී වූහ.

දිනුෂිකා ආරියරත්න

 

 

Related posts

Leave a Comment