web analytics
You are here
comman NEWS 

ශිෂ්‍යත්ව ප්‍රදානයක්

චිත්‍ර කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාවේ වැඩි ම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වෙනුවෙන් සඳුනි කාරකා විද්‍යාර්ථියා ශිෂ්‍යත්වයක්  ප්‍රදානය පසුගියදා (මාර්තු 20) සිදු කෙරිණ. මෙම ශිෂ්‍යත්වය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථි, චම්පාදේවි ලලිත කලා පදනමේ නිර්මාතෘ චම්පානි දේවිකා දේවරාජා මහත්මිය විසින් අනුග්‍රහය දක්වා ඇත. උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශීෂ්‍යත්ව ප්‍රදානය සිදු වූ අතර එම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා, දෘශ්‍ය කලා හා ප්‍රාසාංගික කලා සැලසුම්කරණ ඒකකයේ ඒකක ප්‍රධාන ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය ඇතුළු අධ්‍යයන කාර්යය මණ්ඩලය සහභාගී වූහ.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment