web analytics
You are here
comman NEWS 

වාණිජ හා කළමනාකරණ පිඨයේ නව පීඨාධිපති ලෙස ආචාර්ය පී. එන්.ඩී. ප‍්‍රනාන්දු මහතා වැඩ භාර ගනියි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ නව පිඨාධිපතිවරයා ලෙස මුල්‍ය කළමණාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ‍ලෙස කටයුතු කළ ආචාර්ය පී. එන්.ඩී. ප‍්‍රනාන්දු මහතා විසින් පසුගිය දා (අප්‍රේල් 17) වැඩ බාර ගන්නා ලදි.

නව පීඨාධිපතිවරයා 1996 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිළිබද විශේෂ උපාධිය ද 2005 වර්ෂයේ ඉන්දියාවේ බටහිර බෙංගාලි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනපති උපාධිය ද 2012 වර්ෂයේ මධ්‍යම චීන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගෙන ඇත.

වැඩ භාර ගැනීමේ අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා, ලේඛකාධිකාරී, පීඨාධිපතිවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සමාජිකයින් රැසක් සහභාගී වූහ.

චමින්ද කුමාර

 

Related posts

Leave a Comment