web analytics
comman NEWS 

“Young Women Leaders Regional Dialogue” වැඩසටහන කැනේඩියානු තානාපති නිල නිවසේදී

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය මඟින් මෙහෙයවනු ලැබූ “Young Women Leaders Regional Dialogue” වැඩසටහන පසුගිය දා (පෙබරවාරි 02) කැනේඩියානු තානාපති නිල නිවසේදී පැවැත්විණි. දේශීය විදේශීය කාන්තාවන් මුහුණදෙන අභියෝග සහ දුෂ්කරතා පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, වැඩමුළුව සඳහා ඇෆ්ගනිස්ථානය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පකිස්ථානය, සහ කැනඩාව ආදී රටවල් නියෝජනය වන පරිදි තරුණ නියෝජිතවරියෝ රැසක් සහභාගි වූහ.

මෙහිදී මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මහත්මිය, ආචාර්ය සුභාන්ගී හේරත් මහත්මිය සහ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු  මහත්මිය විසින් කෙටි දේශන පැවැත්වූහ. වැඩමුළුව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ නිර්මාතෘ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එහි අධ්‍යක්ෂ ආචාර්ය සාගරිකා කන්නන්ගර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ රැසක්ද සහභාගී වූහ.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment