web analytics
comman කතුවැකිය 

අං අල්ලා කිරි දෙවීම

අ`ග අල්ලා කිරි දොවන්න

හැදුවත් නෑ කිරි ඉනුවේ

තන අල්ලා අන්නවන්න

හැදුවත් නෑ ඉන් දිනුවේ

අනින්න අං

දොවන්න තං

මහබඹු වෙනම ලූ තැනුවේ

කිමද සබ`ද

අ`ග අල්ලා

නොලැබෙන

කිරකට

හැ`ඩුවේ?

මෙය මහාචාර්ය දර්ශන රත්නායකගේ කවි සංකල්පනාවකි.

ඔබ සිටිනා තැන සිට නොසෙල්වි මේ කවිය කියවන්න. මෙහි මතුපිට අර්ථය ගැන නොව කවියා මතු කරන දාර්ශනික වූ විග්‍රහය හදුනාගැනීමට උත්සහ ගන්න.

අප අං අල්ලා කිරි දෙවීමට යාම අද ඊයේ සිට සිදුකරන්නක් නොවේ. මෙය ලාංකිකයන් වන අපට නුහුරු නුපුරුදු දෙයක් ද නොවේ.

රටේ පාලකයෝ අං අල්ලා කිරි දෙවීමට උත්සාහ ගනිති. ඔවුනට අං සහ තන්වල වෙනස ගැන පැහැදිලි අවබෝධයක් නැත. රටේ උගත්තු යැයි කියා ගන්නා පිරිස් ද දේශපාලකයන් මෙන් ම අං අල්ලා කිරි දෙවීමට උත්සාහ ගනිමින් සිටියි. රටේ ප්‍රජාව ද එසේ මය. සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල නියැලී සිටින්නන් ද අං සහ තන් පටලවාගෙන ඇති බව පෙනේ.

ඉහත කවිය මෑතක සිට කැලණිය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය වනසන, විශ්වවිද්‍යාලයේ පාලන කටයුතු අඩපන කරන, දහස් ගණනක් වූ පොදු ශිෂ්‍යයාගේ අධ්‍යයන කටයුතු වලට බාධා පමුණුවන, කඩාකප්පල්කාරී සිසුන් කිහිප දෙනාගේ නිරර්ථක ප්‍රයත්නය වටහා ගැනීම සදහා මහෝපකාරී වේ. අධ්‍යාපනයෙන් තොරවූ විප්ලවය යනු සිහිනයකි. අධ්‍යයනයෙන් තොර වූ විප්ලවය මිත්‍යාවකි. ඉවසීමෙන් තොර වූ විප්ලවය මිරිගුවකි. පසුබැසීමෙන් තොර විප්ලවය මුග්ධ වූවකි. අනෙකා දිනාගැනීමෙන් තොර වූ විප්ලවය අමන සටනකි. මෙවැනි විප්ලව තන් අල්ලා ඇන්න වීමට යාම හා සමාන ය.

මෙරට බොහෝ ශිෂ්‍ය සටන් අසාර්ථක වන්නේත් ශිෂ්‍යයන් උසිගන් වන කණ්ඩායම් දිගින් දිගට අසාර්ථක වන්නේ ඔවුන්ට කිසිවක් නිසි පරිදි හදුනාගැනීමට නොහැකි වීම හා අවබෝධ කරගැනීමට නොහැකි වීම නිසා ය. මොවුන්ට ද අං සහ තන්වල වෙනස නොවැටහේ.

මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අධ්‍යාපන අයිතිය උදුරාගන්නා විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය අයිතීන් කප්පාදු කරන ඊනියා ශිෂ්‍ය ක්‍රියාකාරකයින්ට ද අං සහ තන් අතර වෙනස වටහා ගැනීමට නොහැකි බව පෙනේ. ඔවුන් ඉතිහාසය පුරාම සිදු කළේ අං අල්ලා කිරි දොවමින් නොලැබෙන කිරකට හැඩීමයි.

Related posts

Leave a Comment