web analytics
You are here
comman ගවේෂණ 

ජනමාධ්‍ය සහ කාන්තාව

“වසන්තය කඳුළකි අකුරු නොදත් ඇයට” යන හයිකු කවියකින් මෙම ලිපිය ආරම්භ කරන්නට මා සිතා ගත්තේ මනාව ඔප්පුවන හෙයිනි. කාන්තාවට අත්ව තිබූ තත්වය ඉන් මනාව ඔප්පුවන හෙයිනි. කාන්තාවට අධ්‍යාපන අයිතිය පවා තහනම් වූ එවන් කාලයක සිට පැමිණි වර්තමානය තෙක් ආ දිගු ගමනේදී කාන්තාව අද වන විට ලොව ඉදිරියෙන්ම සිටින පාර්ශ්වයක් බවට පත් වී අවසන්. ඒ සඳහා වඩාත් පිටිවහලක් සපයනු ලැබුවේ ජනමාධ්‍යශ වයූහය තුළින් යැයි කිවහොත් නිවැරදියි. නමුත් අඩු වැඩි වශයෙන් ජනමාධ්‍ය ඒ සඳහා දායක වුවත් වර්තමානය වන විට කාන්තාව පිළිබඳ ජනමාධ්‍ය තුළින් මවන්නාවූ පරිසරය කාන්තාවගේ ප්‍රතිරූපය කෙරෙහි විවිධාකාරයෙන් බලපානු ලබයි. කාන්තාව, ඇය සමාජය සමඟ ගැටෙන ආකාරය සහ ඇය අත්විඳින් විවිධ මානසික තත්ව ආදී වූ පු`ඵල් කතිකාවතක් ඔස්සේ කාන්තාවගේ ප්‍රගමනය සඳහා මාධ්‍ය පරිසරය බලපාන ආකාරය පිළිබඳව සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණයි.
පූර්ව ධනේශ්වර ඉන්දීය පවුල් ව්‍යූහය තුළින් කාන්තාව අත්විඳි පීඩනය අසීමිතය. පුරුෂාධිපත්‍ය මූලික සමාජය තුළ නිවසටම කොටු වූ දාසියක් වන කාන්තාවට “හැඳි මිටක මොළයක්” ඇතැයි මහා පුරාජේරුකම් කී අතීත ජන සමාජය කාන්තාවට අත්පත් කර දුන්නේ මෙලෙසැයි කිව නොහැකි පීඩනයකි. පවුල් ව්‍යූහය තුල වූ අසීමිත තාඩන පීඩන, මානසික හැලහැප්පීම් වලින් මිදීමට පවුල් ව්‍යූහය අතැර විමුක්තිය සොයා බුද්ධ ශාසනයට එක් වූ මුත්තා තෙරණිය, “මිදුනෙමි වෙමි”, මොනවට මිදුනෙමි වෙමි, වංගෙඩියෙන්ද, මෝල් ගසෙන්ද, සැමියාගෙන්ද, යන තුන් කුදයෙන් මිදුනෙමි වෙමි. වංගෙඩියෙන්ද, මෝල් ගසෙන්ද, සැමියාගෙන්ද, යන තුන් කුදයෙන් මිදුනෙමි වෙමි….” යන උදාර වාක්‍ය ප්‍රකාශ කරමින් පූර්ව පවුල් ජීවිතය තුළ අත්විඳි දුක්, සිය නව ජීවිතය තුළ අත්විඳීමට නොලැබේවායි බලාපොරොත්තු විය.
ස්ත්‍රියකගේ ශ්‍රම ශක්තිය පුරුෂයාගේ ශ්‍රම ශක්තියට වඩා අඩු වටිනාකමකට මිළදී ගැනීමට ධනපතියාට අවශ්‍ය තත්වයක් එකළ ගොඩනැගී තිබුණි. එම නිසාම සමාන වෘත්තින්හි යෙදෙන පිරිමින්ට වඩා ස්ත්‍රීන් අඩු වැටුපක් ලැබීම ද එකල සිදුවිය. “බාබාගායි යකින්නගේ” සිට “බටකොල ආච්චි” ආදී වූ මිත්‍යා ප්‍රබන්ධ තුළද කාන්තාව පිළිබඳව මැවූ ප්‍රතිරූපය සුභදායි නොවන්නක් බවද කිව යුතුමය. ආගම විසින් ද තහවුරු කල තවත් මිත්‍යාවක් වන්නේ ස්ත්‍රිය පිරිමියාට සාපේක්ෂව වඩාත් පාපකාරී මනොභාවයන් සහිත තැනැත්තියක් බවය. අන්ධභූත ජාතකයේ එන බමුණාගේ සිට චුල්ලපදුම ජාතකය, සම්බුලා ජාතකය, චුල්ලධනුද්දර ජාතකය, කෝසිය ජාතකය, වැනි දස දහස් ගණනක් ආගමික කතා තුළ කාන්තාව පිළිබඳව ගොඩනගා ඇත්තේ එම ප්‍රතිරූපයයි. ස්ත්‍රීන් මායාකාරියන්, සුකොමළ සුරංගනාවියන් වෙද්දී, සුරුෂයන් වීරත්වයේ සහ සටන්කාමීත්වයේ සංඛේත බවට පත්වීමද එකල සිදුවිය.
නමුත් විද්‍යාව, කලාව, තාක්ෂණය, ආදී වූ සියලු ක්ෂේත්‍රවල ගතවූ ඉතිහාසය තුළ කතෘත්වය සටහන්ව ඇත්තේ පිරිමින්ටය. නමුත්, ඉතිහාසය තුළ ගිලී කල්පනා කරන විට, ඇය විසින් ඉටුකර ඇති කාර්යභාරය නිවැරදිව තක්සේරු කලහොත් වර්තමානයේ පිරිමින්ගේ නමින් ලාංකීය දමිළ සමාජය තුළ තිබූ ජාතික පීඩනය ඇතුලු පොදු සමාජ ආර්ථික ප්‍රශ්න වලට අමතරව ස්ත්‍රිය විශේෂයෙන් කුල පීඩනය, දෑවැදි පිළිබඳ ගැටලුව, වැනි තත්ව වල ද එකල බොහෝ සෙයින් පීඩනවලට ලක්විය.
පෞද්ගලික දේපල බිහිවීමෙන්, පංති සමාජ ක්‍රමය ඇතිවීමත් සමඟ නිර්මාණය වූ ගැටලු මෙන්ම ස්ත්‍රියගේ විමුක්තිය පිළිබඳ ගැටලුවටද අවසන් පිළිතුර එවන් යුගයක නිර්මාණය වීම සිදුවිය.
“සති පූජා දරසෑයේ, සිරවී මොට්ටැක්තිලියේ, සාර සංඛ කප් සියයක් වදයට කැපවූ කකුනේ, ඔබේ ලොවයි දැන් බිහිවන්නේ”
ලෙස ස්ත්‍රී විමුක්තිය පිළිබඳ දාර්ශනික පදනමක් සහිතව ස්ත්‍රී විමුක්තිය පිළිබඳ සටන් කිරීමට ධෛර්ය සපයමින් පුනරුද ව්‍යාපාර මෙකල හිස එසවීම දක්නට ලැබිණි. එකල ලෝකය පුරා “කාන්තා ප්‍රකාශන” විශාල ප්‍රමාණයෙන් බිහිවීම සිදුවිය. මේවාගේ ආරම්භය ප්‍රධාන පුවත්පත්වල උපාංගයක් හෝ අතිරේකයක් වශයෙන් ඇතිවිය. ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රකාශන ද ලෝක ඉතිහාසයේ කාන්තා ප්‍රකාශන බිහිවීමට සමඟාමීව බිහිවිය.
ලොව මුල්ම කාන්තා ප්‍රකාශනය බිහිවූයේ සඟරා වශයෙනි. 1770 දී, “දි ලේඩිස් මැගසින්” ලෙස ලොව මුල්ම කාන්තා ප්‍රකාශනය බිහිවූ අතර, 1888 දී ශ්‍රී ලංකාවේ මුල්ම කාන්තා ප්‍රකාශනය බිහිවිය. මේවාගේ මොස්තර, එම්බ්‍රොයින්ඩර්, මැහුම්, සංගීත පිටුව, වැනි අංග රාශියක් වීය. මෙම ප්‍රකාශන මූලිකවම හෙලිකර දුන්නේ “කාන්තාවගේ සමාජ කාර්යභාරයයි” මේවා කාන්තාව තුළ නව ප්‍රබෝධයක් ඇති කරන්නට සමත් වූ අතර 18 වන සියවස වන විට කාන්තාව සමාජ හා දේශපාලන ක්‍රියාවලියට අවතීරණ විය. 1880 න් පසු කාන්තා සඟරා, ඔවුන්ගේ දෘෂ්ඨිය පු`ඵල් කරවීමට සමත් විය. 1806 වසරේදී zz La Belle Assemble ” යන කාන්තා ප්‍රකාශනය, කාන්තා ප්‍රකාශන ඉතිහාසය නව මගකට යොමු කරවූවකි. ලොව මුල්වරට කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කල ප්‍රකාශනය වූයේ 1846 දී මුද්‍රණය වූ “ද ෆීමේල්ස් ෆෙන්ඞ්” ය. එය ගෙදරදොර පාලනය සහ විනෝදාස්වාදය එමෙන්ම ප්‍රායෝගික ඇඳුම් මැසීමේ උපදේශකත්වය දැරූ පුරෝගාමී ප්‍රකාශනයයි.
මෙලෙස ඉතා සීග්‍ර ලෙස කාන්තා ප්‍රකාශන ලොව පුරා බිහිවීම සිදුවීමයි. කාන්තා හිංසනය පිළිබඳව ලෝකවාසි ජනතාව දැනුවත් කිරීම මෙමගින් සාර්ථකව ඉටු වීමත් දක්නට ලැබුණි. 1990 පමණ වන තෙක්ම මෙරට කාන්තා ප්‍රකාශන තිබුණේ අතලොස්සක් වුවද, ඉන් පසුව “සොඳුර”, “සෙනෙහස”, “සීදේවි”, “ශ්‍රී යාවි”, “සත්‍යා”, “කුමුදු”, වැනි ප්‍රකාශන බොහෝ සෙයින් බිහිවිය. ඉන් පසුවද, “සිරිකත”, “තරුණි”, “නවලිය”, “බිරිඳ”, “සොඳුර”, “රැජිණ”, “ශ්‍රියාවි”, “අරලිය”, වැනි ප්‍රකාශන කාන්තාව වෙනුවෙන්ම බිහිවූ ප්‍රකාශන අතර ප්‍රමුඛස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලාංකික ප්‍රථම කාන්තා ප්‍රකාශනය බිහිවූයේ මෙකල සිංහල මාධ්‍ය ජාතික පුවත්පත්වල උපාංගයක් වශයෙනි. එය 1888 ඇරබි “පියමුතුහර” ප්‍රකාශයයි. ඉන් පසුව ලංකා ඉතිහාසයේ පළමු කාන්තා ප්‍රකාශන ලෙස, “ලකඟන හසුන්”, “සිහල කුලඟන”, “වනිකාථදායිනි”, “කුස්සි අම්මා”, “ශ්‍රී කාන්තා”, ආදිය සුවිශේෂී වේ.
ආගමික ගැටීම් බහුල කුල භේදයන්ගෙන් භේදභින්න පාරම්පරික චින්තන ක්‍රම වෙනත් මඟකට යොමුකළ මීලඟ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත “වනිතා විත්ති” ය. 19 ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ කාන්තාව පසු කළ සංක්‍රාන්ති සමයට පසුව බිඳ වැටෙමින් තිබූ වාණිජවාදි ආර්ථික ක්‍රමය තුළ “වනිතා විත්ති” වෙළඳ දැන්වීම් මඟින් වෙනසක් ඇති කර ඇත. සියලු කාන්තාව සම තත්වයේ තබා ගැනීමට මෙම පුවත්පත විශාල වෙනසක් දරා ඇත.
“ජාතික වගකීම් විශාල කොටසක් වනිතාවන්ට භාරය. වනිතාවිත්ති ඉදිරිපත් කර ඇත්තේ එම අඩුව පිරිමසාලීමටය” යන්නට “වනිතාවිත්ති” කතුවරියගේ මුල්ම කතුවැකියයි. එවන් වූ කතු වැකියක් සමඟ ආරම්භ වූ කාන්තා පිබිදීම 1980 දී “සිසිල” නමින් බිහිවූ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා චිත්‍රකතා පත්‍රය තුළින් තවදුරටත් උද්යෝගිමත් විය.
මෙලෙස ලොව පුරා ජනමාධ්‍ය ව්‍යූහය ක්‍රියාත්මක වීම තුළ විශේෂයෙන් පුවත්පත් බිහිවීම තුළ ස්ත්‍රී විමුක්ති අරගලයේ ප්‍රබල පිබිදීමක් එකල ඇතිවිය. කාන්තාවන්ට හිමි අවස්ථාවන්, කාන්තා අධ්‍යාපනය, කාන්තා වීරවරියන් බිහිවීම, ආදී වූ විශේෂ සිද්ධීන් සමූහයක් ජනමාධ්‍ය ව්‍යූහයන් තුළින් ලොව පුරා ව්‍යාප්ත විය. මාග්‍රට් කැඩර්, අවුන්සාන් සුකි, සිරිමාවෝ මැතිණිය, මලාලා යුසුෆ්සායි, බෙනාසීර් භූකේ වැනි ප්‍රබල කාන්තා චරිත බිහිවන්නේ ද ඒ පිළිබඳව කතිකාව ලොව පුරා සාකච්ඡාවට බඳුන් කරන්නේ ද ප්‍රබලවම ජනමාධ්‍ය තුළිනි. මෙවන් වූ තත්වයක් තුළ වර්තමාන සමාජයේ පවතින තරඟකාරි ජනමාධ්‍ය පරිසරය තුළ කාන්තා ප්‍රතිරූපය පිළිබඳ පුවතත් ප්‍රශ්න කිරීමට සිදුව ඇත. අලෙවිකරණයේ ගොදුරක් බවට කාන්තාව පවත්ව ඇති මෙවන් මොහොතක ජනමාධ්‍ය තුළින් ප්‍රචාරණයට බඳුන් කරන “කාන්තා රූපයේ” අලෙවිකරණයේ මූලිකම ගොදුර බවට පත්ව ඇත. විශේෂයෙන් රූපවාහිණී මාධ්‍ය තුළ කාන්තාව අලෙවිකරන උපක්‍රමයක් බවට පත්ව ඇත. කාන්තාවගේ සුන්දරත්වය පිළිබිබුවෙන් එහාගිය කාන්තා අඩනිරුවත තුරුම්පුවක් කරගන්නා බොහෝ ව්‍යාපාරිකයන් ඒ ඔස්සේ තම භාණ්ඩ හා සේවා අලෙවිකර ගනිමින් කූට උපක්‍රමවල අද වන විට නිරතව සිටී. එමෙන්ම, කාන්තා නිදහස පිළිබඳව කිව යුතුමය. කාන්තා ප්‍රකාශන වල කතෘත්වය පුරුෂයන් මෙහෙයවීම මීට කදිම නිදසුනකි.
මෙවන් වූ තත්වයන් පිළිබඳව සමස්ථ සමාජය නියෝජනය කරන්නන් ලෙස නැවත හැරී බලන්නට සුදුසුම කාලය දැනි එළඹ ඇත. එවන් තත්ව මඟහරවා ගනිමින් කාන්තාව වෙනුවෙන් ප්‍රතිඵලදායි ලෙස එක්රොක්වන්නට ජනමාධ්‍ය ව්‍යූහයන්ට හැකිනම් නැවතත් කාන්තාව වෙනුවෙන් අත්වැට බැඳගන්නා ප්‍රබලතම සාධකය බවට ජනමාධ්‍ය ව්‍යූහය පවත්වනවා නොඅනුමානය.

නිර්මාණී. බී. කොළඹගේ

 

Related posts

Leave a Comment