web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

වෙසක් උදානයෙන් පසු විපරම

සැමරුවෙමු අපි

තිලෝගුරු බුදුපියාණන්ගේ තෙමගුල

දුන්නෙමු දන්

රැස් කළෙමු පින්

නමුදු

ලැබුවේද අප සැනසීම

තෙමගුල් දිනය

සැණකෙළියක් විය අපට..

නළා ශබ්දය  …

වෙස් මුහුණු

විනෝදයක් විය අපට

සැබවින්ම අපි බෞද්ධයෝද?

තෙමගුල් දිනය සැණකෙළියක් කරගත්

සිතන්නට කාලය නොවේද

අන්තර්ජාතික වෙසක් උත්සවය

සැමරු ධර්ම දිවයින….

සැණකෙළි පුරයක්ද?…

 

යොමා බුදුනෙත කුලුනින්

බුදුසමිදු වැඩම කරාවිද

ලෝකයෙන් උතුම් රටට …

 

සබද..

හිතන්නට කාලයයි මේ…..

 

ටිෂානි කුමාරි

 

Related posts

Leave a Comment