web analytics
comman ගවේෂණ 

ශ‍්‍රී ලාංකේය සංවර්ධන රටාව හා හෙළ කලාව

කලාව යැයි මෙයයි කියා විවිධ නිර්වචන ඉදිරිපත් කළත් කලාව යනු කුමක්දැයි යන්න විග‍්‍රහ කිරීම නිර්වචනයකට සීමා කළ නොහැකිය. සංවේදී මනසකට කතා කළ හැකි හොඳම මාධ්‍යක් ලෙස කලාව ඇගයුම් කල හැකිය. මීට සියවසකට පෙර සිටම දියුණු වෙමින් පවතින රටක් ලෙස නම් කල ශ‍්‍රී ලංකාව 21 වන සියවස තුළද එනම් අදත් හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසමය. තවමත් දියුණු වෙමින් පවතින අනාගතය තුළද දියුණු වෙමින් පවතින රටක් වන ශ‍්‍රී ලංකාව නම් කෘතීම මන්දිරය තුළ එදා මෙදා තුර තිබූ හෙළයේ කලාවට අත්වන්නේ කුමන ඉරණමක්ද යන්න සිතා ගත නොහැකිය. කලාව කෙලෙස පෝෂණය වෙයිද? කලාවට කුමක් වෙයිද? යන්නට පිළිතුරු සොයා ගැනීම අපහසුය.

එදා අපේ අතීත මුතුන් මිත්තන් මහ සමුදුර පරදවන වැව් ඉදි කරන්නට විය. අහස් තලය සිප ගන්නා දාගැබ් ගොඩ නැගුවේත්, ආලක මන්දාව පරදවන සීගිරිය වැනි උද්‍යාන බිහි කළේත් හෙළයේ කලාව ලෝකයට ගෙන එමිනි. ගුරුළු ගෝමීන්, වීදාගම මෛත‍්‍රී හිමි, අලෙගියවැන්න මුකවැටිතුමා පද්‍ය කලාවට දායක වෙද්දී නන්දා මාලනී, ඩබ්ලිව්.ඩි.අමරදේව, එච්.ආර්. ජෝතිපාල යන ප‍්‍රවීණයන් ගීතයට පන දෙන්නට විය. මාලනී ෆොන්සේකා, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම සුවසක් ලෝකයා අමන්දානන්දයට පත් කරන්නට හැකි වූයේ සිය රංගන ප‍්‍රතිභාවය නිසාවෙනි. මේ හැම කලා නිර්මාණයක්ම එදා ලෝකයට එක් වූයේ ලාංකීය කලාව එතරම්ම ප‍්‍රාණීය හා පෝෂණීය වූ නිසාවෙනි. නමුත් අද වන විට    ශ‍්‍රී ලාංකීය කලාව ලෝකයට නොව සෑම මොහොතකම ලෝක කලාව ශ‍්‍රී ලංකාවට එක් වනු දැක ගත හැකිය.  නමුත් ඒ එක් වන්නේද ලෝක කලාවේ සාරය නොව එම සාරයේ රොඞ්ඩ පමණි. යම් රටක සිටින ලෝකයේ ජනාදරය ලැබූ රංගන ශිල්ප ශිල්පීන් යම් රටකට කැඳවූ පමණින්ම කලාව පොෂණය වන්නේ නැත. ඇතැම් විට එලෙස සිදු වීමම රටක කලාව විනාශ වීමටද මුල් විය හැකිය.

කලාත්මක නිර්මාණ බිහි වන්නට ගතවන්නේ තත්පරයක් වැනි සුළු කාලයක් විය හැකියx එම කලා නිර්මාණය  ඕනෑම මොහොතක නිර්මාණය විය හැකි සේම ඒ සඳහා තැනක් නොතැනක් නැත. නමුත් සාර්ථක කලා නිර්මාණයක් බිහි වන්නට නම් අවට පරිසරයේ පවතින නිස්කලන්ක බවද ඉතා වැදගත් වේ. කෘතීම බවක සිට නිර්මානය කරන කලා නිර්මාණයකට වඩා ස්වභාවික සුන්දරත්වය තිබෙන සැබෑ පරිසරය තුළ නිර්මාණයවන එකී කලා නිර්මාණය සමාජ යථාර්තය සැබෑවටම නිරූපණය කරන කලා රසයෙන් ඉහළ නිර්මාණයක් බවට පත් වේ. හරිත ලොවක් බිහි කරනවායි පුරසාරම් දොඩවමින් ඉදි කරන කොන්ක‍්‍රීට් ලෝකය ශ‍්‍රී ලංකාවේ කලාව මෙලෙස පිරීහී අගාදයට යාමට ප‍්‍රබල ලෙසම බලපෑම් කල හැකිය. රාජ්‍ය නායකයින් සියළු දෙනාම ලොව මවිත කරන්නට ගන්නා වූ වාසි දායක  සියළු උත්සායකදීම, ලබන සෑම පියවරකදීම  හෙළයේ කලාව පිරීහීමට ලක් වෙමින් පියවර කිහිපයක් පසුපසට යනු  දැක ගත හැකිය.

අශෝක හදගම, වසන්ත ඔබේසේකර, ප‍්‍රසන්න විතාණ වැනි සිනමාකරුවන් තමා නිර්මාණය කරන සෑම සිනමා නිර්මාණයක් තුළින්ම අපේක්ෂා කළේ සමාජ යථාර්ථය හෙළි කරමින් සෑම මොහොතකදීම සමාජයට යහපත් ආදර්ශයක් ලබා දෙමින් සිය සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමයි. නමුත් අද වන විට ගෝලියකරණය හමුවේ ලොවම එක් විශ්ව ගම්මානයක් බවට පත් වනනේ සෑම පැතිකඩකටම තාක්ෂණය එක් වෙමිනි. මෙකී ගෝලියකරණය තුළදී මිනිස් සිිතුවිලි පවා ගෝලීයකරණයට හසු වී ඇති අතරම සෑම පුද්ගලයකුම මුදල් පසුපස හඹා යමින් තරඟකාරී ලෙස කටයුතු කරයි. කලාව සුරකින්නට කලා ලොවට පැමිණෙන කලාකරුවන් පවා මෙකී ගෝලීයකරණ ක‍්‍රියාවලියට හසු වෙමින් තරඟකාරී ලෙස කලා නිර්මාණ බිහි කරන්නේ කලාවට ඇති ආදරය නිසා නොව මුදලට ඇති කෑදරකම නිසා ය.

අද වන විට සිනමාකරණය තුළ පවා සිදු කරන්නේ විදෙස් සිනමා කෘතියක් සිංහලට පරවර්ථනය කිරීමක් පමණි. එය කලාකරුටවකුගේ හැකියාව හෝ ඔහුගේ වගකීම නොව. අවසනාවක කරුණ නම් අද වන විට සිනමාව වාණිජකරණයට ලක් වී ඇත. සමාජ යථාර්ථය හෙළි කරනවාට වැඩිය වර්තමානය තුළ කලා නිර්මාණ තුළින් සිදු කරන්නේ සමාජය හා පුද්ගලයා මුලාවට ලක් කරන සුරංගනා ලොවක් මවා පෙන්වීම පමණි. කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා මෙන් කලාවේ වාසනාවට සාර්ථක කලා නිර්මාණයක් කලාතුරකින් බිහි වනුද දැක ගත හැකිය  නමුත් කලාවේ අවාසනාව නම් එලෙස කලාතුරකින් බිහි වන සාර්ථක කලා නිර්මාණයක රසය මිහිර විදීමට හැකි ප්‍රේක්ෂක පිරිසක් වර්ථමානය තුළ නොමැති වීමයි.

 

‘‘ සාහිත්‍ය සංගිත කලා විභීන:

ශාක් ශාත් පසු:

පුච්ච විශාන හීන:

තෘණන්‍ය කාදන් නපි ජීව මාන:

තත්භාග දේයං පරං පශුනාම් ’’

( සාහිත්‍ය, සංගීත, කලාව යන විෂයන් නූගත් තැනැත්තා අං තට්ටුවක් හා වලිගයක් නැති ගොනෙකු මෙනි. ඔහු තණ කොළ නොකෑම සැබෑ ගොනොන්ගේ වාසනාවකි)

 

ඉහත සඳහන් වන්නේ සංස්කෘත ශ්ලෝකයකි. මෙතුළින් පෙනී යන්නේ ද කලා රසය උගත් කලා කරුවන් මෙන්ම, කලා රසය නොදන්නා පුද්ගලයින්ද කලාවේ විනාශයට පිරිහීමට හේතු වන බවයි. කෙසේ හෝ මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ හෙළයේ කලාව දිනෙන් දින පිරිහීමට ලක් වන බවයි.

මෙතුළින් ප‍්‍රකාශයට පත් කරන්නේ රටක සංවර්ධනය නොවී තිබිය යුතුය කියා නොව. එකී සංවර්ධනය කරා යාමේදී අන් සියළු ක්ෂේත‍්‍රයන් තුළද යහපත් සංවර්ධනයක් ඇති කර ගත යුතුය. නමුත් සැබවින්ම සිදු වන්නේ අනාගතය තුළ සංවර්ධනය වන ශ‍්‍රී ලංකාව තුළ කලාව පිරීහීමට ලක් වන බවයි. මෙහිදී සන්නිවේදන ක්ෂේත‍්‍රයට අදාළ සෑම මාධ්‍යක්ම මේ සඳහා දායක විය යුතුය. නැතහොත් අනාගතය තුළ ඉතුරු වන්නේ කොන්ක‍්‍රීට් වනාන්තරයක් පමණක් නොව. ලොවක් සමාජයක් ප‍්‍රාණවත් කරන කලාව නොමැති වියලී ගිය භූමි භාගයක් පමණි.

 

එම්.ජී.ඒ. අමාලි අනුරුද්දිකා

Related posts

Leave a Comment