web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

8 සපිරි වැරදුමක්

අක්ෂරය අත්හැර පලා ගිය පිල්ලමක්
හෝඩියෙන් විසි වෙලා
යන්නැති
ඒ හෝඩියෙන් හැදුණු
සර හතරේ වචනය ට
හේතුවක් මග හැරුණා
වෙන්නැති
ඉසිප්‍රියා,
මේ….,
හෝඩියෙන් පටන්ගෙන
වියරණෙන් විතැන් වුණ
හැඩි වෙච්ච දූපතක්
වෙන්නැති
ලියැවෙද්දි වැරදිච්ච
කියවන්න බැරි වෙච්ච
ඉතිහාස පොත් ගොඩක්
වෙන්නැති
නිර්වස්ත්‍ර වෙලාවක
පටාචාරාවකට
බුදු බණත් පිහිටකට ඉන්නැති
කිසා ගෝතමිය උඹ
පින් අහිමි පින් බිමක
කවුරුත් ම අබ මිටක්
දුන්නැති

තාරිකා තත්සරිණි

 

Related posts

Leave a Comment