web analytics
comman NEWS 

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් සම්මන්ත්‍රණයක්

මැයි මස 03 වන දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය හා ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සංවිධාන කළ “ජනමාධ්‍ය නියාමනය හා මාධ්‍ය නිදහස” පිළිබඳ සම්මන්ත්‍රණය පසුගිය දා (මැයි 03) කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ්, “The Island” පුවත්පතේ ප්‍රවෘත්ති  කතෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මාපා තිලකරත්න මහතා, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, මාධ්‍යකරුවෝ හා විද්‍යාර්ථීහු රැසක් සහභාගී වූහ.

පුවත්පත් මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන  අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් මෙහෙයවන ලදී.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment