web analytics
comman NEWS 

පර්යේෂණ සභාවේ නව සභාපතිවරයා වැඩ භාර ගනියි

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයන අංශයේ විනේතෘ මහාචාර්ය එන්.පී සුනිල් චන්ද්‍ර මහතා පර්යේෂණ සභාවේ නව සභාපති ලෙස වැඩ භාරගැනීම පසුගිය දා (මැයි 18) උපකුලපති මහාචාර්ය ඩි.එම් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පර්යේෂණ සභා කාර්යාලයේ දි පැවැත්විණ.

නව සභාපතිවරයා 1980 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ද, 1988 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව දර්ශනපති උපාධිය ද, 1991 වර්ෂයේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වෛරස අධ්‍යයන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇත. මෙතුමා Sri Lanka College of Microbiologists හි හිටපු සභාපතිවරයෙකි.

වැඩ භාරගන්නා අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හා පර්යේෂණ සභාවේ හිටපු සභාපති මහාචාර්ය එම්. ජේ. එස් විජේරත්න මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා, පිඨාධිපතිවරු, ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරි, පුස්තකාලාධිපති සහ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ රැසක් සහභාගී වූහ.

 

දිනුෂිකා ආරියරත්න

 

Related posts

Leave a Comment