web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

ආයෙමත් එනවාද දුයිෂෙන්

අළු පාට හීනයක විනිවිඳින මතකයන් සඟවමි
පැටලැවුණු කවි අතර ජීවිතේ රස ම තැන් විමසමි
අපැහැදිලි සිත්තමක් පැහැදිලි ම කඳුළකින් බොඳ වුණි
නුඹ විඳිමි… දුර හිඳිමි… මතක සැමරුම් දකිමි… සැනසෙමි

නිල්ල සුණු කළ තැනෙක
තැල්ලක ට හීනයක් කැඳවපූ
රැල්ල ඇවිදින් හැපුණු
වැල්ල මත සටහනකි ඉතිරි වූ
බැන්ද සෙනෙහස තව ම
බින්දකුත් අඩු නැතිව ඉතිරි වූ
මෙල්ල කළ වස්සානේ
පුංචි ගමනක්‍ ය මග නැවතුණු

වින්ද රිදුමක් වුණත් කන්ද තරමින් නුඹය ඉහිලුව
බැන්ද වචනෙක වුණත් නැද්ද දැනුනේ විසල් ප්‍රේමය
කැන්දගෙන යනු බැරුව සින්ද මල් බිම හෙළා වැළපුණ
මන්ද දුයිෂෙන් සබඳ,
බින්ද හදවත මැදම නැවතුම

– තාරිකා තත්සරිණි –

 

Related posts

Leave a Comment