web analytics
comman NEWS 

“මායිමෙන් ඔබ්බට” – දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන

කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ Aquatic Club මඟින් “මායිමෙන් ඔබ්බට” යන තේමාව යටතේ පැළ 10,000 ක් සිටුවීමේ දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැළ 25 ක් රෝපණය කිරීම පසුගිය දා (ජුනි 06) සමාජීය විද්‍යා පීඨ පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනවිරත්න, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය දොඩම්කුඹුරේ ධම්මදස්සි හිමි, තිරසාර විසඳුම් පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය යූ.පී.කේ.ඈපා, ආර්ථික විදයා අධ්‍යයන අංශයේ ආචාර්ය එම්.එම්.ගුණතිලක යන මහත්වරු සහභාගී වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ Aquatic Club සමඟ මෙම වටිනා ක්‍රියාදාමය සිදු කිරිමට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS, Section B and D), රාජ්‍ය දැව සංස්ථාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය හා තිරසාර විසඳුම් පිළිබඳ මධ්‍යස්ථානය අත්වැල් බැඳ ගත්හ.

මෙම ව්‍යාපෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ Aquatic Club හි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය රංගිකා බණ්ඩාර විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.

 

Related posts

Leave a Comment