web analytics
comman NEWS 

ELTU අධ්‍යයනාංශයක් බවට පත් වෙයි


කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ඒකකය අධ්‍යයන අංශයක් වීම හා එම ගොඩනැගිල්ල මැණික් ගුණසේකර අනුස්මරණ ගොඩනැගිල්ල ලෙස නම් කිරීමේ අවස්ථාව පසුගිය දා (ජුනි 5) ඉංශ්‍රිසි ඉගැන්වීමේ අධ්‍යනාංශයේ දී සිදු කෙරිනි.
මුලින්ම 1960 දී ඉංශ්‍රිසි අධ්‍යයනාංශය යටතේ ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකකය ආරම්භ කර ඇති අතර එහි පළමු අංශාධිපති ලෙස මහාචාර්ය රෙජී සිරිවර්ධන සේවය කරන ලදි.

1991 මහාචාර්ය මැණික් ගුණසේකර විසින් ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකකය ස්වාධීන ඒකකයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

1997 වර්ෂයේ දී මානව ශාස්ත්‍ර පීඨයේ වර්තමාන ගොඩනැගිල්ල (K5) ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකයට ලබා දී ඇත. ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකකයට මහාචාර්ය මැණික් ගුණසේකර සිදු කරනු ලැබු සේවාව අගයනු වස් එම ගොඩනැගිල්ල මැණික් ගුණසේකර අනුස්මරණ ගොඩනැගිල්ල ලෙස නම් කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහභාගි විය.

මුඛ්‍ය දේශනය පවත්වමින් මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කරනු ලැබූයේ,
“රැකියාවකට යාමේ දී මූලික වශයෙන් වැදගත් වනුයේ භාෂා හැකියාව වේ. එනිසා ඉංශ්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයන අංශය මගින් රටට අවශ්‍ය භාෂා හැකියාවෙන් යුතු මානව සම්පත නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, තම සුභාශිංසන එක් කරන බවත් ය “.

ඉංශ්‍රිසි ඉගැන්වීමේ අධ්‍යයන අංශයේ ප්‍රථම අංශාධිපතිවරිය වන මහේෂී රණවීර විශේෂයෙන් සඳහන් කරනු ලැබුයේ
“කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංශ්‍රිසි ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් ස්ථාපිත කිරීම පමණක් නොව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළටම ඉංග්‍රිසි ඉගැන්වීමේ ඒකක හදුන්වා දීමේ ගෞරවය මහාචාර්ය මැණික් ගුණසේකරට හිමි විය යුතු බවයි”.

මෙම අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, හිටපු උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂමන් සෙනෙවිරත්න, මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක, විද්‍යා පීඨයේ පිඨාධිපති ඇතුලු පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ඉංශ්‍රිසි ඉගැන්වීමේ අධ්‍යනාංශයේ විශ්‍රාමික ආචාර්ය භවතුන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන හා විද්‍යාර්ථිහු රැසක් සහභාගි වූහ.

 

Related posts

Leave a Comment