web analytics
comman NEWS 

Hands in Service-සිව්වැනි වැඩසටහන

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ වාණීජ හා මුල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශය මගින් හතරවන වතාවට සංවිධානය කරන “Hands in service 4” පසුගියදා (ජුනි 12) වේයන්ගොඩ කුඹල්ඔළුව මහා විද්‍යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.

වාණීජ හා මුල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ තෙවන වසර විද්‍යාර්ථීන්ගේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය යටතේ කුඹල්ඔළුව මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව, පුස්තකාලය, සෞන්දර්යය ඒකකය, ගුරු කාමර ඇතුළු පාසලේ ප්‍රධාන අංශ ප්‍රතිසංස්කරණය කරන ලදි.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ, වාණිජ හා කළමනාකරණ පීඨයේ පිඨාධිපති ආචාර්ය නාරද ප්‍රනාන්දු ඇතුළු ආචාර්ය මණ්ඩලය, කුඹල්ඔළුව මහා විද්‍යාල ආචාර්ය මණ්ඩලය හා පාසල් ශිෂ්‍යයින් සහ විද්‍යාර්ථීහු රැසක් සහභාගී වුහ.

 

Related posts

Leave a Comment