web analytics
comman NEWS 

මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ එක් දින වැඩමුළුවක්

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ශාස්ත්‍රවේදී (විශේෂ) විද්‍යාර්ථීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ එක් දින වැඩමුළුවක් පසුගිය දා (ජූනි 07) වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨ නව ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි දී ව්‍යවසායකත්වය පිළිබඳ දේශනයක් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය D.M සේමසිංහ මහතා පැවැත්වූ අතර මාධ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ දේශනයක් MTV, MBC මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ අසෝක ඩයස් මහතා පැවැත්විය.

මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මාපා තිලකරත්න, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස ඇතුළු ආචාර්ය මණ්ඩලය හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය විශේෂවේදී විද්‍යාර්ථීන් රැසක් සම්බන්ධ වූහ.

 

Related posts

Leave a Comment