web analytics
You are here
comman NEWS 

“ජාතික පුනරුදය හා ආගමික ප්‍රකාශන” මැයෙන් සම්මන්ත්‍රණයක්


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන “ජාතික පුනරුදය හා ආගමික ප්‍රකාශන” මැයෙන් වූ සම්මන්ත්‍රණය පසුගිය දා (ජුනි 06) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.

මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා, කැලණිය විශ්වවිද්‍යාලයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් සහ පාසල් සිසුහු රැසක් සහභාගි වූහ.

 

Related posts

Leave a Comment