web analytics
You are here
comman NEWS 

සතර බීජාක්ෂරයේ රූප කාව්‍ය – “ධ්වනි”


දෘශ්‍යකලා සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රාසාංගික කලා ශාස්ත්‍රවේදී (විශේෂ) අවසන් වසර විද්‍යාර්ථීන්ගේ “Choreography and Stage Performance” විෂයට අදාළ සජීවී, නිර්මාණාත්මක කලා අංගයක් ලෙස “ධ්වනි”  පසුගිය දා (ජුනි 07) කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණි.

සතර බීජාක්ෂර වන තත්, දිත්, තොං, නං යන ශබ්ද නිෂ්පත්තියේ රඟ සොභාව විදහා දැක්වූ මෙම අවස්ථාවට මානව විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක, දෘශ්‍යකලා සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ ප්‍රධානී ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ, නර්තනාචාරිණි උපුලී පණිභාරත, නර්තනාචාර්ය නුවන් ප්‍රියංග, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකාද සිල්වා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථින් රැසක් සහභාගී විය.

 

Related posts

Leave a Comment