web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

අංගහාරය හුරු වෙයන් නර්තකී

 

 

 

කර්බලා වෙරළ අසබඩ

කල්බලා වැඩුණු තල් පත

වෙඩි හඬින් ඔත්පල කර

පහර දී පුන් සඳ වෙත

ආවාටයෙන් හැඩි කර

පළඳිනා තරු කුමට ද?

 

තාණ්ඩව ශිල්පයෙන්

වෙහෙසුණෙමි

සින්දූර් තිලකයක නැවතුණෙමි

 

පාර්වතිය වූ නර්තකී හට

භාමණී හුරු මණ්ඩපය මැද

අංගහාරය නුහුරු වේවි ද?

වෙඩි හඬට ඇද නොවෙන ලය මත

ලතු පැහැය මැකෙන තුරු

ගිගිරි වැළපෙන අයුරු

රඟනු මැන හැර සමරු

මැවෙනු ඇත නව පවුරු

 

තාරිකා තත්සරණි

Related posts

Leave a Comment