web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

මගේ කන්නගී


අහිමි හදවත්

බිඳුණු හිත් අග

අපිට අපිවත්

නැති වේවි දවසක

සත්තමයි මම

තාම ඔබ ළඟ

නාඬන්න මගෙ කන්නගී……..

පෙම් හුයෙන් ගත

බැන්දුවා මිස

හදවත ම ඔබ

මගෙ කන්නගී…..

සාප නොකරන්

මාධවීටත්

ඈත් අසරණ පෙම්වතී…..

සළU සොලවා

නුඹ ගයන පතිවත

අවුලුවාපන් මගේ හදතුර…..

දුර නොවේ මම

අද ඔබේ ළඟ

සිහිනෙකින් හරි

මගෙ කන්නගී……..

 

 

රොෂාන් මුතුකුමාර

 

 

 

Related posts

Leave a Comment