web analytics
comman NEWS 

පන් තිස් වසක සේවාභිනන්දන බුහුමන්

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දෙගොඩ විමලධම්ම අනුනාහිමියන් වහන්සේ සේවයෙන් විශ‍්‍රාම යාම හා සේවය ඇගයීම නිමිතිකොට දර්ශන අධ්‍යයන අංශය මගින් පැවැත්වූ “ගිරිහිස” සේවාභිනන්දන උපහාර උළෙල පසුගිය දා (ජූලි 13) කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. පෙර අපර දෙදිග ශාස්ත්‍රීය හා ශාසනික ලෝකයට උත්තුංග සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දෙගොඩ විමලධම්ම හිමියන් පිළිබඳ ප්‍රධාන දේශනය දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න පැවැත්වීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ වසර 35 ක පමණ කාලයක් සේවය කරමින් විශ්වවිද්‍යාලයටත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටත්, දර්ශන අධ්‍යයනය විෂයයේ වර්ධනයටත් ඉමහත් මෙහෙවරක් සිදු කළ ප්‍රාමාණිකයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දෙගොඩ විමලධම්ම අනුනාහිමියන් වහන්සේ වෙනුවෙන් “ගිරිහිස” ශාස්තී‍්‍රය සංග‍්‍රහය එළිදැක්වීමද මෙහිදී සිදුවිණ.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න ඇතුළු පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන්, අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය හා දර්ශන අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින් රැසක් සහභාගී විය.

 

Related posts

Leave a Comment