web analytics
comman NEWS 

කැලණි ආදි විද්‍යාර්ථි සංසදයෙන් ශිෂ්‍යත්ව පිරිනැමේ

කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය මගින් දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන අඩු ආදායම් ලාභී විද්‍යාර්ථීන් එකසිය තිස් දෙනෙකු වෙත ශිෂ්‍යාධාර පිරිනැමීමක් පසුගිය දා (ජූලි 13) සනාතන සභා රැස්වීම් ශාලාවේ දී සිදු කෙරිණ.

සියලු පීඨ නියෝජනය වන පරිදි තොරා ගනු ලැබු විද්‍යාර්ථීන් එකසිය තිස් දෙනා අතරින් සිය දෙනකුට වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද තිස් දෙනකුට මාසික ශිෂ්‍යත්ව මුදලක් අධ්‍යයන වර්ෂ හතර සදහාම ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.

කැලණීය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂකයින්ට ස්වකීය අධ්‍යයන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා ඔවුන්ව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය, පණ්ඩිත, පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධා කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායකනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ මෙම අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂමන් සෙනෙවිරත්න, පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ සභාපති රාජා ප්‍රේමදාස, ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමි, භාණ්ඩාගාරික මහාචාර්ය නිමල් මල්ලවආරච්චි, ශිෂ්‍යත්ව කමිටුවේ සභාපති ගෝඨාභය ජයරත්න, ශිෂ්‍යත්ව කමිටුවේ ලේකම් ආචාර්ය කේ.බී.ජයවර්ධන ඇතුළු ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ සාමාජිකයන් සහ ශිෂ්‍යත්වලාභී විද්‍යාර්ථීහු රැසක් සහභාගී වූහ.

 

Related posts

Leave a Comment