web analytics
comman NEWS 

පරිගණක හා තාක්ෂණ දියුණුව පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (KICACT) -2017

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය “Contributing Computing and Technology to achieve Sustainable Development Goals” යන්න තේමා කර ගනිමින් දෙවන වරට සංවිධානය කරන ලද “Kelaniya International Conference on Advances in Computing and Technology (KICACT)” පරිගණක හා තාක්ෂණ දියුණුව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වාණිජ හා කළමනාකරණ පීඨ ග්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සහභාගී වූ අතර සමුළුවේ ප්‍රධාන දේශනය “Sustainability through cloud computing” යන්න මාතෘකාව කර ගනිමින් නේපාලයේ ත්‍රීබූවන් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යයන අංශයේ මහාචාර්ය සුභර්ණ ශාඛ්‍ය විසිනි.

මෙම සම්මන්ත්‍රණයේ සැසිවාර දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයින්ගේ ර්යේෂණ පත්‍රිකා 44ක් හා පෝස්ටර් ඉදිරිපත් කිරීම් 17කින්ද සම්න්චිත විය. මෙහිදී කාර්මික තාක්ෂණය, බුද්ධි පද්ධති, න්‍යායාත්මක පරිගණකකරණය, භෞතික තාක්ෂණය, ව්‍යවහාරික පරිගණකකරණය, තාක්ෂණික විද්‍යුත්ඉගැන්වීම යන තේමා යටතේ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි. මීට අමතරව “Ensure to Affordable, Reliable, Sustainable and Modern Energy for All” යන මාතෘකාව යටතේ තාක්ෂණික දේශනය ශ්‍රී ලංකා පෞද්ගලික ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ විසින් සිදු කරන ලදි.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සභාවේ සභාපති, විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය එන්.පී. සුනිල්චන්ද්‍ර, පරිගණක හා තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය ගාමිණී විජේරත්න, ආචාර්ය අසංක පල්ලේවත්ත, තිලිණි රූපසිංහ ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්යය මණ්ඩලය හ විද්‍යාර්ථීන් රැසක් සහභාගී වූහ.

 

Related posts

Leave a Comment