web analytics
comman ගවේෂණ 

සංවර්ධනය පිළිබද විල්බර් ශ්‍රාම්ගේ මතය අදට ගැලපෙනවද ?

රටක  සංවර්ධනය පිළිබදව අවදානය යොමු කරන විට ජනමාධ්‍යට ඇත්තේ විශාල වගකීමකි .ජනමාධ්‍ය සහ සංවර්ධනය පිළිබදව අදහස් දක්වන විල්බර් ශ්‍රාම්  ප්‍රධාන මත තුනක් ඉදිරිපත් කරයි .ඉන් පළමු කරුණ වන්නේ   ජාතිකත්වය පිළිබදව හැගීම තහවුරු කිරීමට ජනමාධ්‍ය යොදා ගත යුතු බවයි .රුපවාහිනිය ,ගුවන් විදුලිය සහ පුවත්පත මුලික කරගෙන  රටක සංවර්ධනය සදහා ජනමාධ්‍ය යොදා ගත හැකි ආකාරය ඔහු පැහැදිලි කර ඇත .රටක් සංවර්ධනය වන්නේ එක් ප්‍රදේශයක් ,පළාතක් සංවර්ධනය වීමෙන් නොවේ .ඒ සදහා සමස්ත රටම ආවරණය වන ආකාරයේ සංවර්ධන සැලැස්මක අවශ්‍ය වේ. විල්බර් ශ්‍රාම් පවසන්නේ එම අදහසයි.ඔහුගේ මතයට අනුව ජාතිකත්වය යනු කුමක්ද ?ජාතිකත්වය යනු එක් එක් ජන වර්ග නොවේ. එක් ආගමක් හෝ කුලයක් හෝ පන්තියක් නොවේ.ජාතිකත්වය යනු විවිධ ජන වර්ග විවිධ ආගම් ආදී විවිධත්වයක එකතුවකි.රටක් එකතු කරන්නේ ජාතිකත්වයෙන්ය.උදාහරණයක් ලෙස ඇමරිකානු ජාතිය, රුසියානු ජාතිය ,ජපන් ජාතිය දැක්විය හැකිය.රටක විවිධ වූ ආගමික ,වාර්ගික විවිධත්වයෙන් යුතු පුරවැසියන් ජිවත් විය හැකිය.එම විවිධත්වය එක් මිටකට බැදතබාගැනීමේ ආධාරකය වන්නේ ජාතිකත්වයයි.ලෝකයේ දියුණු වූ සැම රටක්ම තම දියුණුව ලගා කරගෙන ඇත්තේ ජන වර්ග හෝ ආගම් මත පදනම්ව නොවේ .ජාතිකත්වය නම් සංකල්පය මත පදනම්වය.දෙවන ලෝක යුද්දයෙන් පසුව ජපානය ලෝක බලවතෙකු ලෙස නැගී සිටියේ සමස්ථ රටම එකම ජාතියක් ලෙස රටේ දියුණු සදහා කටයුතු කිරීම නිසාය.

රටක සංවර්ධනය සදහා ජනමාධ්‍යට  පැවරී ඇති වගකීම සුළුපටු නොවේ.විවිධ පළාත්වල ජිවත්වන විවිධ ආගම් අදහන විවිධ ජන වර්ගවල මිනිසුන් එකම මතයකට ගොනු කිරීමට හැකි ප්‍රධාන වාහකයා බවට ජනමාධ්‍ය පත්වෙයි.රටක සියලු මිනිසුන්ට තම අදහස් දැක්විය හැකි පොදු වේදිකාවක්  බවට ජනමාධ්‍ය පත්වෙයි.මෙමගින් සංවර්ධනය පිළිබද නව අදහස් ජනතාව අතරට ගෙනයා හැකි අතර පොදු අභිලාෂයන් ඔස්සේ රටක් දියුණු කල හැකිය.වර්තමාන ශ්‍රී ලංකාව දෙස බලන විට මෙම තත්වය දැකගැනීමට හැකියාව ලැබෙනවද යන්න ගැටලුවකි.එනම් ජාතිකත්වය යන සංකල්පය පදනම් කරගෙන රටේ සංවර්ධනයට ජනමාධ්‍ය තම වගකීම ඉටුකරනවද යන්න විමසා බැලිය යුතු කරුණකි.ජාතිකත්වය කෙසේ වෙතත් සංවර්ධනය යන මාතෘකාව ජනමාධ්‍ය අතර කතාබහට ලක් වෙන්නේ ඉතාමත් විරලවය.ඒ වෙනුවට රුපවාහිනිය ,ගුවන් විදුලිය ,පුවත්පත් හෝ නව මාධ්‍ය මගින් හරසුන් වැඩසටහන් ඉදිරිපත් කරමින් තම ජනප්‍රියත්වය පසුපස ගමන් කරන ආකාරය දැකගැනීමට හැකිය.රුපවාහිනියක විකාශය වන පුවත් විකාශයක් ගත් කල දැක ගැනීමට හැකිවන්නේ දේශපාලන නායකයින්ගේ හරසුන් වදන්ය.ඉන් පසු දැකගැනීමට ඇත්තේ cctv කැමරා ඔස්සේ හසු වූ සොරකමක් ,මිනීමැරුමක් වැනි පුවතය.දේශපාලන නායකයින් විසින් සිදු කරන ප්‍රකාශයකට එරෙහිව තවත් නායකයෙකු විසින් සිදු කරන ප්‍රකාශයන්ට ජනමාධ්‍ය වල ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි .එමෙන්ම වර්තමානය වන විට දැකගත හැකි ප්‍රවනතාවය වන්නේ ජාතිවාදය සහ ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශයන්ට වැඩි තැනක් ලබා දෙන ආකාරයයි .එමගින් තව තවත් ලංකාව රටක් ලෙස පිටුපසට යනවා මිස එක් ජාතියක් ලෙස එක්සත්ව නැගී සිටිමක් දැකගැනීමට නොහැකිය.වර්තමානයේ නව මාධ්‍ය තුලද දැකගැනීමට හැකි වන්නේ ජාතිවාදය ඇවිස්සෙන සහ පක්ෂවලට බෙදී ගහමරා ගන්නා වූ තත්වයකි.එහෙත් විල්බර් ශ්‍රාම් ප්‍රකාශ කලේ ජනමාධ්‍ය මඟින් සිදු කල යුත්තේ ජාතිකත්වය යන සංකල්පය රටක සංවර්ධනය සදහා යොදා ගත යුතු බවයි .එහෙත් වර්තමානයේ ලංකාවේ ජනමාධ්‍ය තුළ සිදු වන්නේ ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ වලට මුල්තැන දෙමින් තම නාලිකාවේ ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමයි.ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වීමට ප්‍රධාන හේතුවක් බවට පත් වන්නේ මෙලෙස පිල් බෙදී තම පිලේ ජයග්‍රහණය උදෙසා සටන් කිරීමයි.එහෙත් සිදු විය යුත්තේ ජනමාධ්‍ය මඟින් රටක ජාතිකත්වය ජන සංකල්පය ප්‍රවර්ධනය කරමින් සංවර්ධනය උදෙසා තම කාර්යභාරය ඉටු කිරීමයි .අද ලංකාව තුළ සිදු නොවන්නේද එයයි .එම නිසා එදා විල්බර් ශ්‍රාම් සිදු කල මතයට අපට එකඟ නොවීමට සිදු වී ඇත .ජාතිකත්වය යන්න නමට පමණක් සිමා වී ඇති දෙයක් ලෙස පෙනීයයි .එහෙත් විල්බර් ශ්‍රාම් ප්‍රකාශ කරන ලෙස ජාතිකත්වය යනු රටක්  සංවර්ධනය කල හැකි ප්‍රභල සංකල්පයක් බව දැක්විය හැකිය  .

H.P ධනුෂ්ක සම්පත්,

 

Related posts

Leave a Comment