web analytics
comman කාලීන 

මාධ්‍ය නිදහස හා සදාචාරය

බොරුව කිහිපවතාවක් ම ප‍්‍රකාශ කිරීමෙන් පරම සත්‍ය බවට පත් වේ. පළමු බොරුව දෙවන සත්‍ය ට වඩා ප‍්‍රබල බව හිට්ලර්ගේ මාධ්‍යවේදියා වන ගොබෙල්ස් ප‍්‍රකාශ කර තිබේ. මාධ්‍ය නිදහස හා සදාචාරය පිළිබඳ සඳහන් කරන විට එය අදට වුව ද උචිත වන්නකි.

ජනතාවට ලොව සිදුවීම් වාර්තා කරන්නා මාධ්‍යවේදියා ය. ජනමාධ්‍ය වූ කලී ජනතාව කෙරේ වාර්තා සපයන විද්‍යුත් හා මුද්‍රිත වශයෙන් වර්ග කර දැක්විය හැකි මාර්ගයකි. රූපවාහිනි , ගුවන් විදුලිය ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය වන අතර ප‍්‍රවෘත්ති පත‍්‍ර , සඟරා , බැනර් , පෝස්ටර් , අත්පති‍්‍රකා ආදිය ම මුද්‍රිත මාධ්‍ය ගණයට දක්වාලිය හැකිය. මාධ්‍ය හා මාධ්‍ය සදාචාරය පිළිබඳ ව අන් කවර කලකටත් වඩා වැඩි අවධානයක් යොමු විය යුතු කාලය අද වන විට උදා වී තිබේ.

පසුගිය මහ මැතිවරණ හා ජනාධිපතිවරණවලදී මෙරට විද්‍යුත් මෙන් ම මුද්‍රිත මාධ්‍ය ක‍්‍රියා කළ ආකාරය සදාචාරාත්මක නො වේ. සත්‍ය ආවරණය කරමින් මහජනයා ගොනාට ඇන්දවීමේ ක‍්‍රියාදාමයක් සිදු විය. රජයේ මාධ්‍ය රජයේ හඬ නංවමින් රජයේ හොරණෑව වූ අතර පෙූෟද්ගලික ජනමාධ්‍ය විපක්ෂයේ හඬ නංවමින් ක‍්‍රියා කරන්නට සමත් විය. සාමාන්‍ය ජනයාගේ හඬ කෙරෙහි දෙපක්ෂයේ ම අවධානය යොමු වූ බවක් දක්නට නො ලැබුණි. ජනතාව වෙත අලෙවි කරන ජනතාව විසින් ජනතාවගේ මුදලින් මිලට ගෙන නරඹනු ලබන මාධ්‍ය මඟින් පළවෙන්නේ ජනතාවගේ නො වේ නම් ජනමතයක් නො වේ නම් එහි ඇති සදාචාරයක් නැත.

ශ‍්‍රි ලංකාව තුළ ක‍්‍රියාත්මක වන පෞද්ගලික සමාගම් මඟින් පවත්වා ගෙන යනු ලබන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතැම් අවස්ථාවල මෙරට සිවිල් සමාජයට සිදුකරන බරපතල වූත් අවඟුාව වන්නේ ඔවුන් පිළිගත් දේශපාලන මතවාද ජනතාව මත පටවන්නට දරණ පහත් වෑයමයි. දේශපාලනය පමණක් ම නො ව ඔවුන්ගේ සංස්කෘතිය , ඔවුන්ගේ පිළිගැනීම් අර්ථ ක‍්‍රමය සාමාන්‍ය ජනතාව තුළට බලෙන් රිංග ඕමට දරණ ප‍්‍රයත්නයන් ද දැක්ක හැකිය.

මහජනමතය ලෙස හැඳින්වෙන්නේ රටක බහුතර මතයයි. එම මතයට ගරු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. වර්තමාන මාධ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සදාචාරය දක්නට නො ලැබේ. ඊට බලපෑම් කරනු ලබන ප‍්‍රධාන හේතුව අප රට මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ඇතැම් කොටස් දේශපාලනඟුයින්ගේ ද ව්‍යාපාරිකයින්ගේ ද අතකොළු හෝ රූකඩ බවට පත් ව සිටීමයි. ස්වාධීන මතයක් පළ කිරීමට මාධ්‍යවේදියෙකුට හැකියාවක් නැත. සත්‍ය විකෘති කිරීමට සිදුවෙයි. අසත්‍ය සත්‍ය බවට පත් වෙයි. මිත්‍යාව පැතිරී යයි. සාරධර්ම අවඟුාවට ලක්වෙයි. ජනමතයට ඉඩක් නො ලැබෙන විට එහි මතුවන්නේ ප‍්‍රචණ්ඩත්වයයි.

මෑතකාලීන ව රට තුළ වේගයෙන් මතු ව එන නවාංගයක් වශයෙන් දේශපාලන ප‍්‍රචණ්ඩත්වය දැක්විය හැකි අතර ඒ කෙරේ මාධ්‍ය වගකිව යුතු වෙයි. දිගින් දිගට ම සිදුවන අනෙන්‍ය කෙටවිලි , කේලාම් , අවලාද මාධ්‍ය සදාචාරය නො ව මාධ්‍ය දුරාචාරය ප‍්‍රදර්ශනය කරවයි. පක්ෂක්ගා‍්‍රහී වූ දේශපාලන විසංවාද සිවිල් සමාජය තුළ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කරවයි. රට තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ජාතික අර්බුධකාරී වාතාවරණයක දී මාධ්‍යකරුවන් යොදා ගනු ලබන මෙවැනි අශෝබන සංවාදයන්වල අමිහිරි වූ ප‍්‍රතිඵල සෑම දේශපාලන පක්ෂයකට ම අඩුවක් නොමැති ව අත්විඳින්නට සිදුවෙයි. ජනයා තුළ වෛරී හා ද්වේශ සහගත ආකල්පයන් තැන්පත් වන අතර ඒ මඟින් ඇතිවන්නේ දැනුවත් බව හෝ යථාවබෝධය නො ව ප‍්‍රචණ්ඩත්වයයි. මෙරට මාධ්‍ය මඟින් ශී‍්‍ර ලාංකික සංස්කෘතික රාමුව බිඳ දැමීමට සපයා ඇති දායකත්වය අති විශාලය. නිරුවත් අඩ නිරුවත් දර්ශන හා ඡුාරූප බොළඳ පේ‍්‍රමකතා යෞවනයින් මුසපත් කරවන ප‍්‍රබන්ධ මේ යුගයේ හිඟ නො වේ. දෙමව්පියන් විසින් තම ලෙයින් මසින් සැදු දරුවන් විකුණා ජීවත් වන බඩගොස්තරවාදය රජයන සමාජයක සදාචාරය සහ සංස්කෘතිය විකිණීම අපහසු කරුණක් නො වේ. මාධ්‍ය කෙරේ උපරිම වූ නිදහසක් ලබා දීම මඟින් සමාජය හානිදායක තත්ත්වයක් කරා යොමු කරවනු ලබයි. කිසිඳු ප‍්‍රබල මූලාශ‍්‍රවලින් තොරව  ඕනෑම බොරුවක් මිත්‍යාවක් සත්‍ය ලෙස සැකසීමට ඇති ඉඩකඩ වළක්වාලිය යුතු වේ.

මානව හිතෛෂී මාධ්‍යවේදීහු මානව හිතවාදය පෙැදැරිව කටයුතු කරන අතර සත්‍ය වෙනුවෙන් කටට පිස්තෝලය තැබුව ද ඉන් නො නැවතී තම ප‍්‍රතිපත්තිය අත් නො හරියි. ජනතාව වෙනුවෙන් නැඟී සිටියි. රටක සංස්කෘතියට හානිදායක ව හඬ නඟන බඩගෝස්තරවාදය රැුක ගන්නා ආත්මාර්ථකාමීන් හට ජාතියේ නමස්කාරය හිමි නො වන අතර මානව හිතවාදී ව කටයුතු කරන මාධ්‍යවේදීහු හට ජාතියේ උත්තමාචාරය හිමි වේ. තාරුණ්‍යයේ ප‍්‍රබෝධකාරකයන් වන සංගීතය නාට්‍ය වැනි ක්ෂේත‍්‍රයන් තුළ නුසුදුස්සන් සුදුස්සන් කොට ඇත්තේ මාධ්‍ය මඟිනි. රටෙහි දක්ෂ කලාකරුවන් උගතුන් විද්වතුන්ට හිමි ව ඇත්තේ නුසුදුස්සන්ටත් වඩා පහළ ස්ථානයක් වන අතර එමඟින් සමාජය තවදුරටත් යථාර්ථයෙන් දුරස්ථ වී යාමක් සිදු වේ. එනම්  මේ එළඹී ඇත්තේ මාධ්‍ය දුරාචාරය පිටු දැකිය යුතු යුගයක ආරම්භයයි.

මිනිසා ස්වභාවයෙන් ම ප‍්‍රචණ්ඩ වේ. ආගම සෞන්දර්ය කලාව සංගීතය මඟින් මිනිස් සිත් සතන් මටසිලිටි කරයි. එහෙත් ප‍්‍රකෘතිය නම් ප‍්‍රචණ්ඩත්වයයි. එය පහසුවෙන්් මතුව එන අතර වැළැක්වීම පහසු නැත. ලෝකය ක‍්‍රමයෙන් දියුණුව කරා ගමන් කරයි. එය භෞතික ගුණයකි. මිනිසා සඳ තරණය කරන තරමට ලෝකය භෞතික වශයෙන් දියුණු වී පැවතිය ද මිනිමැරුම් , මංකොල්ලකෑම් , සමූහ ඝාතන , ස්ත‍්‍රී දූෂණ , ළමා අපරාධ ඉතා ශීඝ‍්‍රයෙන් වර්ධනය වී පවතින ආකාරය කාට වුව ද නො රහසකි. අභාග්‍ය කොතෙක් ද යත් ඉඩම් අඟලකට පවුලක් ඝාතනය කරන මවගේ වරදට කිරි සප්පයා මරා දමන පියා විසින් සිය දුව ¥ෂණය කරන පරාජිත පේ‍්‍රමය වෙනුවට පෙම්වතිය මරා දමන යුගයක ආරම්භය සිදුව තිබේ. එනම් මිනිසාගේ ප‍්‍රකෘතිය වූ ප‍්‍රචණ්ඩත්වය දිනෙන් දින මතු වේ.

ඞී පී මානික්ක ආරච්චි

 

 

Related posts

Leave a Comment