web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ පිරිමි හා කාන්තා වොල්බෝල් කණ්ඩායම්වලට පුද්ගලික සමාගමෙහි අනුග්‍රහය

කැලණි කේබල්ස් පුද්ගලික සමාගම සහ Shello රූපලාවන්‍ය නිෂ්පාදන පුද්ගලික සමාගම කැලණිය විශ්වවිද්‍යාලයේ පිරිමි හා කාන්තා වොල්බෝල් කණ්ඩායම් සදහා 2017 වර්ෂයට අනුග්‍රහ දක්වයි.

මෙම පුද්ගලික සමාගම් දෙකම බලාපොරොත්තු වනු ලබන්නනේ කැලණිය විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ ක‍්‍රිඩා සහභාගීත්වය හා දක්ෂතා වැඩිදියුණු කරගැනීමට සහාය දැක්වීමයි. ඒ අනුව කැලණි කේබල්ස් ආයතනය වොලිබෝල් (පිරිමි) කණ්ඩායමට ක‍්‍රීඩා ඇදුම් ලබාදීම ජූලි 14දින ද Shello රූපලාවන්‍ය නිෂ්පාදන පුද්ගලික සමාගම වොලිබෝල් (කාන්තා) කණ්ඩායමට ක‍්‍රීඩා ඇදුම්, රුපලාවන්‍ය නිෂ්පාදන ලබාදීම ජූලි 19 ද යන දිනයන් දෙකෙහි නිල වශයෙන් ප්‍රදානය කිරීම උපකුලපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කැලණි කේබල්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අනිල් මුණසිංහ, වෙළද සංවර්ධන සාමාන්‍යාධිකාරී ඡන්න ජයසිංහ, මානව සම්පත් කළමනාකරු ගිහාන් විදානගම, shello රූපලාවන්‍ය නිෂ්පාදන පුද්ගලික සමාගමෙ ප‍්‍රධාන විධායක නිලධාරී විපුල් ගුණරත්න යන මහත්වරු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂමන් සෙනෙවිරත්න, ක්‍රීඩා උපදේශන සභාවේ සභාපති මහාචාර්ය එස්. ආර්.ඩි. කාලිංගමුදලි, එහි සාමාජික ආචාර්ය අජිත් දිසානායක, ශාරීරික අධ්‍යාපන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජී.ජී.යූ. සමන් කුමාර සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

Related posts

Leave a Comment