web analytics
comman NEWS 

“භාරත – ශ්‍රී ලංකා හින්දි පරිසංවාදය” පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාජශ්‍රී බෙහෙරා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩී.එම් සේමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා (අගෝ.30) උපකුලපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශය සහ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සැප්තැම්බර් මස 13 වන දින භාරත – ශ්‍රී ලංකා හිංදි පරිසංවාදය පැවැත්වීම පිළිබද මූලික සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ හින්දි ගුරු- ආචාර්ය ශිරින් කුරෙයිෂි,  කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ලක්ෂ්මන් සෙනෙවිරත්න, හින්දි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනූෂා සල්වතුර, භාරතීය සංස්කෘතික සම්බන්ධතා පර්ෂදයේ විනේතෘ මහාචාර්ය දුර්ගා ප්‍රසාද් සිං, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික නිලධාරිනී සුභාෂිනි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Related posts

Leave a Comment