web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පරිසර හිතකාමී බෑගයක් හඳුන්වා දෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානය මඟින් පොලිතින් බෑග් වෙනුවට නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී බෑගයක් හදුන්වා දීම සහ රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ INSEE – Ecocycle ආයතනය  සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගිය දා (2017.08.31) කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණ.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එන්. ආර් ද සිල්වා, ලේඛකාධිකාරී ඩබ්.එම්.කරුණාරත්න, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යූ.පී.කේ. ඈපා, INSEE – Ecocycle හි සාමාන්‍යාධිකාරී සංජීව චූලකුමාර මහතා, INSEE – Ecocycle හි අලෙවි කළමනාකාර නජිල රංගනාත් මහතා, INSEE – Ecocycle හි සහකාර අලෙවි කළමනාකාර සචිත් ජයතිලක මහතා හා තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

Related posts

Leave a Comment