web analytics
කතුවැකිය 

මඳක් සිතන්න. නුවණින් මෙනෙහි කරන්න.

ගොරෙව්වත් වහින්නේ නැති වලාකුළු

වහිනවා එහෙත් ගොරවන්නේ නැති වලාකුළු

ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු

ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු

(අංගුත්තර නිකාය – වලාහක සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව පදනම් කරගෙන සමාජයෙහි වෙසෙන පුද්ගලයින් වර්ග හතරක් පිළිබඳ විවරණය කළහ.

මිනිසාගේ විවිධ චර්යාවලට අදාළව මෙම විග්‍රහය වෙන් වෙන් වශයෙන් ආදේශ කරගැනීමට පිළිවන. නිදසුනක් වශයෙන් තමා වෙත පැවරෙන කාර්යය ඉටු කිරීමට යාමේදී වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයා විෂයෙහි මෙම දේශනාව ආදේශ කර ගත හැකිය.

ඇතැම්හු කතා කරමින්, විවේචනය කරමින්, න්‍යාය සංකල්ප ඉදිරිපත් කරමින් සිටිති. ඔවුහු තමාවෙත කිසිදු කාර්යයක් නිසි පරිදි ඉටු නොකරති. සූත්‍රයට අනුව මේ පිරිස ගෙරෙව්වත් වහින්නේ නැති වලාකුළු වැනිය.

අප සමාජයේ වෙසෙන ඇතැම්හු බොහෝ නිහඞව වැඩ කරති. ඔවුහු අනෙක් අය වැඩ කරන තෙක් බලානොසිට වැඩ කරති. තවකෙකුට ප්‍රදර්ශනය වීමේ අරමුණෙන් වැඩ නොකරති. මෙවැනි පුද්ගලයින් වහින එහෙත් නොගොරවන වලාකුළු වැනිය.

ගොරවන්නේ ද නැති, වහින්නේ ද නැති ස්වභාවය සහිත වලාකුළු වැනි මිනිසුන් ගැන අපට කිසිදු කතාවක් නැත. එහෙත් අපට අවශ්‍ය වන්නේ කතා කරමින් පමණක් නොසිට තමා වෙත පැවරෙන වගකීම මනා ලෙස ඉටු කරන මිනිසුන් ය. ඔවුහු න්‍යායචාරවරුන් පමණක් නොවී ප්‍රායෝගික මිනිසුන් ලෙස කටයුතු කරයි. අනෙකාට චෝදනා නොකරයි. අනෙකා කරන තුරු බලා නොසිටියි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් නව ක්‍රියාකරකම් ඉටුකිරීමට පෙලඹෙයි. වැඩ කරනවිට අනෙකා පරයා තරගෙට කිරීමට ද ඔහුට අවශ්‍ය නැත.

අප රටට ද අවශ්‍ය වන්නේ වහින ගොරවන වලාකුළු වැනි ස්වභාවය සහිත මිනිසුන් ය. මඳක් සිතන්න. නුවණින් මෙනෙහි කරන්න. මෙම විග්‍රහයේ කොතැන ඔබ සිටී ද?

2016.01.25

 

Related posts

Leave a Comment