web analytics
comman අයාලේ ගිය සිතුවිලි 

like වලට comments වලට share වෙලා යන්න කලින්…

ඉස්සර වගෙ නෙවෙයි අම්මේ

ලෝකය දැන් හරි දියුණුයි

ඈත රටක එවුන් පවා මූණු පොතේ

පටස් ගාලා එකතු වෙන්නේ  hi කියල…

 

අම්මට ආදරේ එවුන්  like   කරල

අප්පච්චිට ආදරේ නම් comment  කරල

පෙන්නන්නලු ඔක්කෝට ම  share කරල

 

අම්ම දැක්කෙ නැති වුණාට

සක්වල ගලෙනුත් එහාට

පෙන්නුව මං share කරල

 

ඔක්කෝට ම like කරල

comments ගොඩක් එකතු කරල

පරිස්සමට තියල තිව්ව

එන දවසක අරන් එන්න

 

අම්මා ළඟ දැනෙන සුවඳ

like  වලට  comments වලට

share වෙලා යන්න කලින්

නිවාඩුවක් ලැබුණ ගමන්

හිතන් ඉන්නෙ ගෙදර එන්න.

 

රිදීවිට

Related posts

Leave a Comment