web analytics
comman කාලීන 

අට්ටාල කූඩාරම් සහ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා…

විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු, විද්‍යාර්ථියෙකි. විද්‍යාර්ථියා යනු, ගවේශනාත්මක බුද්ධිය සොයා යන සිසුවෙක් ලෙස අපට හඳුනාගත හැකිය. C.W.W. කන්නංගර මහතා ආරම්භ කළ නිදහස් අධ්‍යාපනයේ විශිෂ්ටම වූ හිනිපෙත්තෙහි සිටින අයකු ලෙස විශ්ව විද්‍යාල සිසුවා අර්ථ දැක්විය හැක. ඔවුන් ප‍්‍රජාවක් ලෙස ගත් කල උගත් බුද්ධිමත් පිරිසක් ලෙස හඳුන්වා දිය හැකි අතර, ඔවුනට සමාජය දෙස විවෘත මනසකින් බැල’මේ හැකියාව පවත’. දේශපාලන හා සමාජ විද්‍යාඥයකු වන හැරල්ඞ් ඞී ලැස්වෙල් විශ්ව විද්‍යාල විද්‍යාර්ථියා අර්ථකථනය කොට ඇත්තේ මෙලෙසිනි. ඔහු ප‍්‍රකාශ කරන ආකාරයට විශ්ව විද්‍යාල විද්‍යාර්ථියා වනාහි අරගල කළ යුතු, විප්ලව කළ යුතු, සමාජය වෙනස් කළ යුතු අයෙකු වන නමුත් ඔහුගේ ප‍්‍රධානතම වගක’ම විය යුත්තේ අධ්‍යාපනය හැදෑර’මයි. ගවේශනය කිරීම තුළින් අලූත් වූ යමක් නැවත ප‍්‍රතිනිර්මාණය කිර’මයි.

නමුත් වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා ඉහත නිර්වචනයන්ට සම කළ හැකිද යන්න පිළිබඳ ගැටලූවක් පවතී. මිනිත්තුවෙන් මිනිත්තුව, තත්පරයෙන් තත්පරය වෙනස්වන ලෝකය කිසිම අවස්ථාවක එක තැන රැුදෙන්නට සූදානම් නැත. පැරණි විශ්වවිද්‍යාලයන්හි පැවති යල් පැන ගිය නවක වදය වැනි සංකල්පයන්ට ද අත්වී ඇත්තේ එවැනිම ඉරනමකි. නමුත් මේ බව තේරුම් ගන්නට නොහැකි වූ අතලොස්සක් වූ ගෝත‍්‍ර මානසිකත්වයෙන් හෙබි විද්‍යාර්ථීන් වශයෙන් හඳුන්වාගන්නා පිරිසක් ද නැතුවාම නොවේ. ඉන් වැඩි පිරිසක් කැලණිය විශ්වවිද්‍යාලය තුළ විසීම කණගාටුවට කරුණකි. එකෙක් දෙන්නෙක් කරනා අවිචාරවත් ක‍්‍රියා හේතුවෙන් බහුතරයක් දුක් විදින යුගය එළැඹෙන්නේ මෙවන් වාතාවරණයක් තුලදී ය.

අරගල කිරීම හා සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාගේ වගකීමක් වූවත් ඔහුගේ මූලික පරමාර්ථය විය යුත්තේ ගවේශනාත්මක බුද්ධිය සොයා යෑමයි. උසස් අධ්‍යාපනයේ නියම ප‍්‍රතිඵල බුක්ති විඳීමයි. නමුත් කැලණි විශ්වවිද්‍යාලයේ සුළුතරයක් වූ ශිෂ්‍ය ප‍්‍රජාවට එය අමතක වී තිබේ. එක් අර්ධ වාර්ෂිකයක් අවසානයේ ඔවුන්ගේ දැනුම පරීක්‍ෂණයකට භාජනය කරන බව දැන දැනත් එය නොදන්නවා සේ විසීම කණගාටුදායක ය. අට්ටාල, කූඩාරම් සංස්කෘතිය අතීතයේද අපට දක්නට ලැබුණි. එකල විද්‍යාථියා සටන් වැදුනේ තවෙකෙකු පෙළා නොවේ. එබැවින් සමාජයේ බහුතරයකගේ සහාය ඔවුන් වෙත ලැබුණි.

කෙසේ නමුත් වර්තමාන කැලණි විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා පිළිබඳව සමාජය කතා කරන්නේ පිළිකුල් සහගතව ය. මෙලෙස සමස්තයක් අපහසුතාවයට පත්වන්නේ සුළුතරයකගේ වැරදි නිසාවෙනි. නවක වද චෝදනාව යටතේ සිරගත කළ සිසුන් නිදහස් කරන තුරු අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරතවන බව පවසමින් නේවාසිකාගාරයක සිටින විද්‍යාර්ථීන් පිරිසක් විශ්වවිද්‍යාල පරිශ‍්‍රයට ලැගුම්ගැනීමට පැමිණ දැනට මාසයක් පමණ ගතවී හමාරය. කෑම බීම පමනක් නොව නෑම නිදාගැනීම යන මෙකී නොකී සෑම ක‍්‍රියාවක්ම ඔවුන් සිදු කරන්නේ මෙහි සිටය. තමන්ගේම පිරිසක් වෙනුවෙන් සටන් වැදීමට ඔවුන්ට අයිතියක් නැතුවා නොවේ. නමුත් මේ ඒ සඳහා කාලයදැයි සිතා බැලිය යුතුය. තවත් සතියකින් අර්ධ අවසාන පරීක්‍ෂණය පවත්වනවා ඇත. ඒ සඳහා මොවුන් සූදානම් ද යන්න ප‍්‍රශ්නයකි. සහෝදරත්වය සහෝදරත්වය යනුවෙන් යම් පිරිසක් පුන පුනා පැවසුවද එවැනි සහෝදරත්වයක් නොමැති වග තවත් එවැනිම පිරිසකගේ කතාවලින් පැහැදිළි වේ.

අපි සටන් කරන්න  ඕනි තමයි. ඒත් මොකක්ද මේ පිස්සුව. දැන්නම් මේක ඇතිවෙලා තියෙන්නෙ. හරියට නිදාගන්න නෑ, ටොයිලට් එකකට යන්න විදිහක් නෑ, රෙද්දක් හෝදගෙන නාගන්න විදිහක් නෑ. විභාගෙත් ලගයි. අසයිමන්ට් කරන්නත් තියෙනව. හොස්ටල් එකේ හිටියනම් මේව කරන එක මහ දෙයක් නෙවෙයි. ඒත් දැන් කිසිම කෙනෙකුට හොස්ටල් එකේ ඉන්න දෙන්නෙ නැහැ. අපි ගොඩක් දුර පලාත්වල ඉන්නෙ. පාඩම් කරන්න ස්ටඩි ලීව් දීල තිබුණත් ගෙවල් වලට යන්න විදිහක් නෑ. අපි ගියොත් ආපහු හොස්ටල් එකට එන්න දෙන්නෙ නෑ කියල බැන්න. ගොඩක් අය මේ වෙනකොට හොස්ටල් එක අතෑරල ගිහින් තියෙන්නෙ මේ දේවල් ගැන කලකිරිල. මෙහේට එන්නෙ නැතිව හොස්ටල් ඉදපු අය හොස්ටල් එකෙන් පන්නල. අපි ගොඩක් දුප්පත්. එහෙම එකේ බෝඩින් වල ඉන්න අපිට සල්ලි නැහැ. ඒක නිසා කට්ට කාගෙන මෙතන වැටිල ඉන්නව. අපේ රිසාට් අඩුවෙලා ගියාට මේ අයට අවුලක් නෑ. ඇත්තටම ගොඩක් කලකිරිල ඉන්නෙ මේ ගැන….

-කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්-

විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකු දරන්නේ මෙවන් මතයකි. නමුත් ඊට වෙනස් මතයක් දරන පිරිසක් ද නැතුවාම නොවේ. ආවේගයෙන් කෑගසනා මොවුන් තුළ පවතින්නේ සමස්තය පිළිබඳ වෛරයකි.

අපේ එවුන් හිරේ දුක් විඳිනකොට අපි කොහොමද සැප විදින්නෙ. උන් නිදහස් කරනකන් අපි අපේ සටන අතහරින්නෙ නැහැ. විභාග තියන්න  ඕනි කාලයක් නෙවෙයි මේක. හැමෝම එකා වගේ නැගිටින්න  ඕනි කාලයක් මේක. හැමෝම කැමැත්තෙන් තමයි මෙතනට ඇවිල්ල ඉන්නෙ. කවුරුත් අකමැත්තෙන් ඇවිත් නැහැ. අපි කාටවත් බල කරන්නෙ නැහැ එන්න කියල. තමන්ගෙ එවුන් ගැන කැක්කුමක් තියෙන එවුන්ට එන්න පුලූවන්. මෙතන සැප නෑ තමයි. මේ දුක උනත් අපිට මිහිරක්. මොකද ඒ අපේ උන් වෙනුවෙන් නිසා….

-කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්-

අට්ටාල කූඩාරම් තුළ නිතරදෙවේලේ වැටී සිටින පිරිස පවසන්නේ එවැනි කතාවකි. නමුත් බහුතරයේ කතාවන් සමග එය ගට්ඨනය වේ. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ අහින්සක දෙමාපියන්ගේ හීන සමග, අහින්සක තරුණ ජීවන බලාපොරොත්තු සමග බව තේරුම් ගන්නට ඔවුන් සූදානම් නැත. මේ දෙස විශ්වවිද්‍යාලයට පිටින් සිටින පුද්ගලයින් දකින්නේ වෙනස්ම කෝණයකිනි. එය බලපාන්නේ විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිරූපයට යි.

ඉස්සර කැම්පස් එක මොනතරම් ලස්සනයි ද…? අද කැම්පස් එකට එන්නත් ලැඡ්ජයි. තැන් තැන්වල රෙදි කඩමාලූ එල්ලල. සරණාගතයො වගේ වැටුණු වැටුණු තැන්වල සමහරු නිදි. හරිම අප‍්‍රසන්නයි. අපි ඉන්න කාලෙත් අරගල කියන දේවල් තිබුණ. ඒත් මෙහෙම නෙවෙයි. මේකනම් තනිකර විකාරයක්. සරම් ඇඳගෙන කොටකලිසම් ඇඳගෙන කොල්ලො තැන් තැන්වල ඉන්නව. හරියට මේක රස්තියාදුකාරයින්ගෙ තිප්පොලක් වගේ. ඒ වගේ සංස්කෘතියක් ඒ කාලෙනම් තිබුනෙ නෑ. අපිත් එක්ක කතා කරන ළමයි පවා කියන්නෙ මේක ඔවුන්ට මහ වදයක් කියල….

-පස්චාත් උපාධි අපේක්‍ෂකයෙක්-

මෙයින් පෙනී යන්නේ බහුතරයක් පිරිස මෙම අට්ටාල ඩාරම් සංස්කෘතියට අකමැති බවයි. එබැවින් විද්‍යාර්ථියා සිහි තබාගත යුතු කාරණයක් ඇත. එනම් තමන් මෙහි පැමිනියේ කුමක් සඳහා ද යන්න පිළිබඳව යි. සුළු පිරිසකගේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් බහුතරයකගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය උදුරා ගැනීමට ඔවුනට අයිතියක් නැත. මහා ඉහළින් නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතාකරන පිරිසක් තර්ජනය කරමින් තවෙකෙකුට නිදහසේ තම පාඩම් කටයුතු කරගැනීමට ඉඩ ලබා නොදෙන්නේනම් එය කෙතරම් සාධාරනද යන්න විමසිය යුතුය. සමාජය විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාගෙන් බලාපොරොත්තු වන්නේ මෙවැන්නක් නොවේ. තමන් ලබාගත් දැනුමින් සමාජයට සේවයක් සිදු කරතැයි ඔවුන් බලාපොරොත්තු වේ. එබැවින් අට්ටාල කූඩාරම් සංස්කෘතියට තිත තබා සිය අරමුණු වෙනුවෙන් කැපවීමට කාලය එළඹ ඇති බව අවධාරණය කළ යුතුය.

සටහන :- දඩයක්කාරයා

Related posts

Leave a Comment