web analytics
NEWS 

කැලණි ක්‍රීඩකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අංශය සහ ශාරීරික අධ්‍යාපන අංශය එක්ව සංවිධානය කළ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලීන්ගේ විවිධත්වය සහ ඒ හා සබැඳි යහපත් හා අයහපත් පුරුදු  පිළිබඳ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කරලීමේ විශේෂ ආරාධිත දේශනයක් පසුගිය දා (ජූලි 21) වැනි දින සමාජීය විද්‍යා පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී Hawaii manoa විශ්වවිද්‍යාලයේ Aquatic research laboratory හි අධ්‍යක්ෂ     මහාචාර්ය Jan prins මහතා  දේශන පැවැත්වූ අතර මෙම අවස්ථාවට ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අංශයේ සහ ශාරීරික අධ්‍යාපන අංශයේ  අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීන්  සහභාගි වූහ.

 

Related posts

Leave a Comment